පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0399/'10
ගරු (අල්හාජ්) ඒ. එච්. එම්. අස්වර් මහතා,— ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ ලියාපදිංචි විසිතුරු මත්ස්‍ය අපනයන ආයතන සංඛ්‍යාව කවරේද;
(ii) 2009 වර්ෂයේදී විසිතුරු මත්ස්‍ය අපනයනය මගින් ඉපැයූ මුළු ආදායම කොපමණද;
(iii) එය පෙර වර්ෂය හා සැසැදීමේදී ආදායම වර්ධනය වීමක්ද; අඩුවීමක්ද;
(iv) 2009 වර්ෂයේදී විසිතුරු මත්ස්‍යයන් සඳහා පැවති ලෝක වෙළඳපොල ඉල්ලුමෙන් ශ්‍රී ලංකාව අපනයනය කළ ප්‍රතිශතය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේදී අධි පරිභෝජනය නිසා මේ වන විට වඳවීමේ තර්ජනයට ලක් වූ මත්ස්‍ය විශේෂ හඳුනාගෙන තිබේද;
(ii) විසිතුරු මත්ස්‍ය අපනයන ප්‍රවර්ධනය සඳහා යෝජිත සැලසුම් තිබේද;
(iii) එසේ නම්, ඒ කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2010-08-20
අසන ලද්දේ
ගරු ඒ.එච්.එම්. අස්වර් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks