01

E   |     |  

 දිනය: 2010-08-20   පිළිතුර ලබා දී ඇත 

0397/2010: Kidney Patients in Anuradhapura & Polonnaruwa

0397/'10

ගරු ශෙහාන් සේමසිංහ මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      අනුරාධපුරය හා පොළොන්නරුව දිස්ත්‍රික්ක තුළ 2009 වර්ෂයේදී වාර්තාගත වකුගඩු රෝගීන් සංඛ්‍යාව කොපමණද;

            (ii)      එය ඉන් පෙර වර්ෂය හා සැසදීමේදී රෝගීන් සංඛ්‍යාවේ වැඩිවීමක් ද; නැතහොත් අඩුවීමක්ද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) රජරට ප්‍රදේශයේ ව්‍යාප්ත වකුගඩු රෝගය සඳහා හේතු වූ සාධක හඳුනාගෙන තිබේද;

(ii) එසේ නම්, ඒවා කවරේද;

(iii) අදාළ හේතු සාධක ප්‍රදේශයෙන් ඉවත් කිරීම සඳහා යෝජිත හෝ ක්‍රියාත්මක වැඩ පිළිවෙළක් තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-08-20

අසන ලද්දේ

ගරු ශෙහාන් සේමසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks