පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු ශාන්ති ශ්‍රීස්කන්දරාසා මහත්මිය,— රාජ්‍ය පරිපාලන සහ කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) තිස් අවුරුදු යුදමය තත්ත්වය හේතුවෙන් උතුරු පළාතේ අවතැන්වීම්, වාසස්ථාන අහිමිවීම්, භාරකාරවරුන් නොමැතිවීම්, දෙමව්පියන් අහිමිවීම් හා දේපළ අහිමිවීම් යන හේතූන් මත සිසුන්ගේ අධ්‍යාපනය අඩාල වූ බව පිළිගන්නේද;
(ii) මෙම හේතූන් මත සිසුන්ට තම උපාධි අධ්‍යාපනය සම්පූර්ණ කිරීම ප්‍රමාද වූ බව දන්නේද;
(iii) එම කරුණු මත, උතුරු පළාතේ රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ වයස් සීමාව
අවුරුදු 45 දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-06-06
අසන ලද්දේ
ගරු ශාන්ති ශ්‍රීස්කන්දරාසා මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) ඔව්.
(iii) නැත.
(ආ) රාජ්‍ය සේවයේ එක් එක් තනතුරට බඳවා ගැනීමේදී අදාළ වන උපරිම වයස් සීමාව තීරණය කරනුයේ තනතුර සඳහා අනුමත බඳවා ගැනීමේ පටිපාටිය හෝ සේවා ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව ය. එමෙන්ම 2011.06.29 දිනැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹි තීරණය අනුව 2011.11.16 දින නිකුත් කරන ලද රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 19/2011 මඟින් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේදී අධ්‍යාපන සුදුසුකම සේ විශ්වවිද්‍යාල උපාධිය සලකා බලන අවස්ථාවලදී අවම හා උපරිම වයස් සීමාවන් පිළිවෙළින් අවුරුදු 21 හා අවුරුදු 35 ලෙස සංශෝධනය කර ඇත. එබැවින්, මෙම විධිවිධානවලින් පරිබාහිරව බඳවා ගැනීමේ උපරිම වයස් සීමාව වෙනස් කළ නොහැක.
පිළිතුරු දුන් දිනය
2017-06-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks