පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු බුද්ධික පතිරණ මහතා,— අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) ශ්‍රී ලංකාවේ ලන්දේසි පාලන සමයේදී රාජද්‍රෝහීන් ලෙස නම් කළ ශ්‍රී ලාංකිකයන් කවුරුන්ද;
(ii) ඔවුන් රාජද්‍රෝහීන් ලෙස නම් කිරීමට හේතු කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) රාජද්‍රෝහියෙකු ලෙස නම් කළ පසු ඔහුට අහිමි වන වරප්‍රසාද කවරේද;
(ii) එම වරප්‍රසාද අහිමි වීම ඔහුගේ පවුලේ අයට බලපාන්නේද;
(iii) එසේ නම්, ඒ කවර ආකාරයෙන්ද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) ලන්දේසීන් රාජද්‍රෝහීන් ලෙස නම් කළ ශ්‍රී ලාංකිකයන් එම ලේඛනයන්ගෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබේද;
(ii) ඔවුන් ජාතික වීරයන් ලෙස නම් කිරීමට කටයුතු කරන්නේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-05-26
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඓතිහාසික මූලාශ්‍ර අනුව කිසි කලෙක ශ්‍රී ලංකාවේ ලන්දේසි පාලන සමයක් තිබුණේ නැත. ඒ අනුව ලන්දේසින් යටතේ ශ්‍රී ලාංකිකයන් කිසිවෙකු හෝ රාජ ද්‍රෝහින් ලෙස නම් කිරීමක් සිදුවූයේද නැත.
ක්‍රි.ව. 1656 සිට 1796 දක්වා ලන්දේසි පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගම (VOC) සතුව ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ කිහිපයක් පැවති අතර, ඒවා පාලනය වූයේ ඕලන්ද රාජ්‍ය යටතේ නොව, වෙළෙඳ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය යටතේය. ඒ අනුව මෙරට කිසිවෙකු රාජ ද්‍රෝහින් ලෙස නම් කිරීමට ඉඩ ලබා දුන් කිසිදු නීත්‍යනුකූල රාජ්‍ය බලයක් ලන්දේසින්ට නොතිබුණි.
ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ කිහිපයක් ලන්දේසි වෙළෙඳ සමාගම යටතේ පැවති අවධියේ රටේ භූමි ප්‍රදේශයෙන් අතිවිශාල කොටස දේශීය රජවරුන් යටතේ පාලනය වූ උඩරට රාජ්‍යය මෙරට පැවති එකම නීත්‍යනුකූල රාජ්‍යය විය.
ලන්දේසි සමාගම යටතේ මුහුදුබඩ ප්‍රදේශවල පාලන කටයුතු මෙහෙය වූ ඉහළම නිලධාරියා වූ ආණ්ඩුකාරවරයා පවා උඩරට රජු ඇමතුවේ වසර 2,500ක් වැනි දීර්ඝ කාලයක් තිස්සේ සමස්ත ශ්‍රී ලංකාව එක්සේසත්ව පාලනය කළ රජතුමා හැඳින්වූ 'ත්‍රී සිංහලාධීස්වර' යන නමින් වූ අතර ඔවුන් විසින් උඩරට රජුට යවන ලද සියලු ලිපි ලේඛන අත්සන් කරනු ලැබුවේ 'ඔබගේ කීකරු යටහත් සේවක' යනුවෙනි. ඒ අනුව ඔවුන් උඩරට රජු සමස්ත ත්‍රී සිංහලයේ රජු ලෙස පිළිගත් බව ද ඔවුන්ට රට තුළ ඇතැම් ප්‍රදේශවල වෙළඳ කටයුතුවල ආධිපත්‍ය දැරීමේ බලයක් මිස කිසිදු රාජකීය බලයක් නොතිබුණ බව ද පැහැදිලි ය.
මෙම තත්ත්වය යටතේ ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ පාලනය කළ ලන්දේසි වෙළඳ සමාගමට ලාංකිකයන් රාජද්‍රෝහීන් ලෙස නම් කිරීමට කිසිදු බලයක් නොතිබුණ බවට ඓතිහාසික තොරතුරු ඇති බව ද ඔවුන් වැරදීමකින් හෝ කිසිදු අවස්ථාවක එබඳු බලයක් ක්‍රියාත්මක කර ඇති බවට ඉතිහාසයේ මූලාශ්‍රගත සාක්ෂි නොමැති බව ද පැහැදිලි ය. ඒ අනුව ප්‍රශ්නයට අදාළ පිළිතුර වනුයේ
- ශ්‍රී ලංකාවේ කිසි දිනක ලන්දේසි යුගයක් හෝ ලන්දේසි පාලන සමයක් නොතිබූ බව,
- ශ්‍රී ලාංකිකයන් රාජද්‍රෝහීන් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ඔවුන්ට බලයක් නොතිබූ බව සහ
- ඒ අනුව ලන්දේසීන් විසින් කිසිදු ශ්‍රී ලාංකිකයෙකු රාජද්‍රෝහීන් ලෙස නම් කර නැති බවයි.
(ii) අදාළ නොවේ.
(ආ) (i) අදාළ නොවේ.
(ii) අදාළ නොවේ.
(iii) අදාළ නොවේ.
(ඇ) (i) අදාළ නොවේ.
(ii) අදාළ නොවේ.
(ඈ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2017-05-26
විසින් පිළිතුරු දෙන ලදී
ගරු එස්. බී. නාවින්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks