පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,— වරාය හා නාවික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) හම්බන්තොට වරාය ඉදි කිරීම සඳහා වැයවූ සමස්ත පිරිවැය කොපමණද;
(ii) එකී වරායේ අයිතියෙන් යම් ප්‍රතිශතයක් පෞද්ගලික අංශයට විකිණීම සඳහා සැලසුම් කර තිබේද;
(iii) එසේ විකිණීමට බලාපොරොත්තු වන ප්‍රතිශතය කොපමණද;
(iv) එසේ විකිණීමෙන් අපේක්ෂා කරන අවම මුදල කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-08-22
අසන ලද්දේ
ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම.
අමාත්‍යාංශය
වරාය හා නාවික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) හම්බන්තොට වරාය ඉදිකිරීම් - අදියර I
චීනයේ එක්සිම් බැංකුව - ඇමෙරිකානු ඩොලර් මිලියන 446
ශ්‍රී ලංකා වරාය අධිකාරිය - රුපියල් මිලියන 5,897
හම්බන්තොට වරාය ඉදිකිරීම් - අදියර II
චීනයේ එක්සිම් බැංකුව- ඇමෙරිකානු ඩොලර් මිලියන 704
(මෙය ඇස්තමේන්තුගත මුදල වේ. ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 644ක් මේ වන විට වැය කර ඇත.)
නැව් තෙල් සැපයීම සහ තෙල් ටැංකි ව්‍යාපෘතිය
චීනයේ එක්සිම් බැංකුව - ඇමෙරිකානු ඩොලර් මිලියන 65
ශ්‍රී ලංකා වරාය අධිකාරිය - රුපියල් මිලියන 1,237
ලංකා බැංකුව- ඇමෙරිකානු ඩොලර් මිලියන 19.70
මුළු පිරිවැය රුපියල් බිලියන 197.1ක් පමණ වේ.
(ii) නැත.
(iii) පැන නොනඟී.
(iv) පැන නොනඟී.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2017-08-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මහින්ද සමරසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks