02

E   |     |  

 දිනය: 2010-09-08   පිළිතුර ලබා දී ඇත 

0366/2010: Doctors in Govt. Hospitals

0366/’10

ගරු අජිත් පී. පෙරේරා මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන් අනුව වෛද්‍යවරුන් සහ ජනතාව අතර පැවතිය යුතු අවම අනුපාතය කුමක්ද;

            (ii)      සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිගන්නා ප්‍රමිතීන් අනුව ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් සහ ජනතාව අතර තිබිය යුතු අවම අනුපාතය කොපමණද;

(iii) දැනට ශ්‍රී ලංකා‍ව තුළ පවතින වෛද්‍යවරුන් සහ ජනතාව අතර අනුපාතය කොපමණද;

(iv) මධ්‍යම රජයේ පාලනය යටතේ පවතින රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් සංඛ්‍යාව කොපමණද;

(v) පළාත් සභා යටතේ පවතින රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් සංඛ්‍යාව  වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?  

(ආ) (i) ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවලින් පිටවන වෛද්‍යවරුන් රජයේ සේවයට බඳවා ගැනීම නතර කිරීමට හෝ සීමා කිරීමට තීරණය කර තිබේද;

(ii) එසේ නම්, ඒ සඳහා හේතු කවරේද;

යන්න එතුමා මෙම සභාවට ඉදිරිපත් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-09-08

අසන ලද්දේ

ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks