01

E   |     |  

 දිනය: 2017-06-23   පිළිතුර ලබා දී ඇත 

1135/2017: කළුතර දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණය: වැය කළ මුදල

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)         (i)       බණ්ඩාරගම ඉදිකළ කළුතර දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයෙහි ඉදිකිරීම් අවසන් කළ දිනය කවරේද;

             (ii)       ඒ සඳහා වැයවූ මුදල කොපමණද;

            (iii)       එහි ගෘහස්ථ ක්‍රීඩාගාරය, ධාවන පථය හා පිහිණුම් තටාකය ඉදිකිරීමට වැය වූ මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) එය විවෘත කිරීම ප්‍රමාදවීමට හේතු කවරේද;

(v) එහි නඩත්තු කටයුතු භාරව සිටින්නේ කවුරුන්ද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-06-23

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.

අමාත්‍යාංශය

ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)      ගෘහස්ත ක්‍රීඩාගාරය හා ප්‍රේක්ෂකාගාරය ඉදි කිරීම - 2015.03.31

                        පිහිනුම් තටාකය ඉදි කිරීම - 2015.03.31   

                          මීටර් 400 ධාවන පථය ඉදි කිරීම - 2015.03.31

              (ii)      රු.මි. 247.14 (වැට් සහිත)

             (iii)      ගෘහස්ත ක්‍රීඩාගාරය හා ප්‍රේක්ෂකාගාරය ඉදි කිරීම - රු.මි. 147.53 (වැට් සහිත)

                          පිහිනුම් තටාකය ඉදි කිරීම - රු.මි. 33.13 (වැට් සහිත)

මීටර් 400 ධාවන පථය ඉදි කිරීම - රු.මි. 48.33 (වැට් සහිත)

අමතර වැඩ - රු.මි. 18.15 (වැට් සහිත)

(iv) මෙම ක්‍රීඩා සංකීර්ණයේ ඉදි කිරීම් නිම කර තිබූ නමුත් බණ්ඩාරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍යමය දායකත්වයෙන් ක්‍රිකට් ක්‍රීඩාව කළ හැකි ලෙස සකස් කළ තණ තීරුවක් (pitch), එම ආයතනය විසින් සකසන ලදී. එම නිසා මෙම ක්‍රීඩා සංකීර්ණය විවෘත කිරීම ප්‍රමාද විය.

(v) මෙම ක්‍රීඩා සංකීර්ණයේ වැඩ අවසන් කර ඇති බැවින් විධිමත් ලෙස ක්‍රීඩා සංවර්ධ න දෙපාර්තමේන්තුව වෙත පවරාගෙන ජුනි මස 29 වන දින ප.ව. 4.00ට ක්‍රීඩා අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත වේ.

(ආ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2017-06-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks