පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු චමින්ද විජේසිරි මහතා,— පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)
(අ) (i) පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත, 2010 වර්ෂයේ සිට මේ දක්වා බදුල්ල දිස්ත්‍රික්කය තුළ සංවර්ධනය කරනු ලැබූ බස් නැවතුම්පොළ සංඛ්‍යාව කොපමණද;
(ii) සංවර්ධනය කරනු ලැබූ බස් නැවතුම්පොළවල නම් කවරේද;
(iii) එක් එක් බස් නැවතුම්පොළ සඳහා වියදම් කරනු ලැබූ මුදල් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කවරේද;
(iv) ව්‍යාපෘතියට ඇතුළත් කිරීමට යෝජිත බදුල්ල දිස්ත්‍රික්කයේ සෙසු බස් නැවතුම්පොළවල් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-06-20
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
පළාත්සභා, පළාත් පාලන සහ ක්‍රීඩා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) බස් නැවතුම්පොළ සංඛ්‍යාව 02කි.
(ii) මීගහකිවුල ප්‍රාදේශීය සභාව - මීගහකිවුල බස් නැවතුම්පොළ
හපුතලේ ප්‍රාදේශීය සභාව - දියතලාව බස් නැවතුම්පොළ
(iii)
|
මීගහකිවුල ප්‍රාදේශීය සභාව |
මීගහකිවුල බස් නැවතුම් පොළ |
රු. 22,750,512.00 (පළාත් සභා සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශය මඟින්) |
|
හපුතලේ ප්‍රාදේශීය සභාව |
දියතලාව බස් නැවතුම් පොළ |
රු. 1,632,767.74 (පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මඟින්) රු. 179,260.40 (ප්‍රාදේශීය සභා පොදු අරමුදල් මඟින්) |
(iv) බදුල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධනය කිරීමට යෝජිත බස් නැවතුම් පොළවල් නැත.
(ආ) බස් නැවතුම් පොළ සංවර්ධනය සම්බන්ධ යෝජනා / ඉල්ලීම් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් වී නැති නිසා.
පිළිතුරු දුන් දිනය
2017-09-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks