පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු අශෝක ප්‍රියන්ත මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)
(අ) (i) පුත්තලම දිස්ත්‍රික්කයේ ගම්මාන රාශියක් මුහුදු ඛාදනයට ලක්වීමේ තර්ජනයකට ලක්වී ඇති බව දන්නේද;
(ii) එසේ නම්, එම ගම් කවරේද;
(iii) එසේ මුහුදු ඛාදනයට ලක් වූ ගම්මාන සහ එම ජනතාව වෙනුවෙන් යම් සහනශීලී වැඩසටහනක් අමාත්‍යාංශය මඟින් දියත් කර තිබේද;
(iv) එසේ නම්, ඒ පිළිබඳ විස්තර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-03-22
අසන ලද්දේ
ගරු අශෝක ප්‍රියන්ත මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) පුත්තලම දිස්ත්‍රික්කයට අයත් වෙරළ තීරයේ ස්ථාන කිහිපයක් වෙරළ ඛාදනයට ලක් වීමේ තර්ජනයට ලක් වී ඇත.
(ii) මාරවිල වෙරළ තීරයේ දූවවත්ත, මෝදරවැල්ල, තල්විල හා බරුදැල්පොළ යන ගම්මානද, කල්පිටිය තලවිල වෙරළ තීරයේ ඉලංතඩිය හා කප්පල්අඩි යන ගම්මානද, මුතුපංතිය දකුණ ගම්මානයද මෙම වෙරළ ඛාදන අවදානමට ලක්ව ඇත.
(iii) වෙරළ ඛාදන තත්ත්වය අවම කිරීම සඳහා වෙරළාරක්ෂක ව්‍යුහ ඉදිකිරීමට වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් කටයුතු යොදා ඇත.
(iv) 1. මාරවිල වෙරළ තීරයේ වෙරළ වැලි පෝෂණ ව්‍යාපෘතිය මඟින් වැලි මීටර් කියුබ් ලක්ෂ 8.0ක් වෙරළට පොම්ප කර කි.මී. 3.5ක පමණ ප්‍රදේශයක් ආවරණය කර ඇත.
දූවවත්ත දිය කඩන බැමි දෙක ඉදිකිරීම මේ වනවිට ආරම්භ කර ඇති අතර, සියයට 50ක ප්‍රගතියක් වාර්තා කර ඇත. තල්විල උතුර - බරුදැල්පොළ ග්‍රොයින බැමි 10ක ඉදිකිරීම් කටයුතු මේ වන විට වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවෙන් සිදු කරගෙන යනු ලබයි.
2. කප්පල්අඩිය වෙරළ තීරයේ දිය කඩන ව්‍යුහ 03ක් හා ග්‍රොයින ව්‍යුහ 02ක් ඉදිකිරීමට නියමිත අතර, ඉන් දිය කඩන ව්‍යුහ 02ක හා ග්‍රොයින බැමි 02ක ඉදිකිරීම් මේ වනවිට අවසන් කොට ඇත. අනෙක් දිය කඩනය ඉදිකිරීම ධීවර විරෝධතාවක් හේතුවෙන් අත්හිටුවා ඇත.
3. මුතුපංතිය දකුණ වෙරළ තීරයේ ග්‍රොයින බැමි 10ක ඉදිකිරීමේ කටයුතු වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව මඟින් සිදු කරමින් පවතින අතර, ඉන් බැමි 05ක ඉදිකිරීම් මේ වනවිට අවසන් කර ඇත.
මුතුපංතිය උතුරු වෙරළ තීරයේ ග්‍රොයින බැමි 10ක් ඉදිකර වෙරළ හා ඒ ආශ්‍රිත දේපළ රැක ගැනීමට කටයුතු කර ඇත.
4. ඉලංතඩිය ගම්මානයේ වෙරළ ඛාදන තත්ත්වය තවදුරටත් අධ්‍යයනය කරමින් පවතින අතර, හදිසි වෙරළ ඛාදන තත්ත්වය වැළැක්වීම පිණිස අවශ්‍ය ක්‍රියාමාර්ග සිදු කරමින් පවතී. ඊට අමතරව වෙරළාරක්ෂක/ සංරක්ෂණ කටයුතු සඳහා නොරොච්චෝලේ බලාගාරය මඟින් වෙන් කළ හැකි ප්‍රතිපාදන පිළිබඳව සොයා බලමින් පවතින අතර, එතෙක් වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවට වෙන් කර ඇති ප්‍රතිපාදන යොදා ගැනීමට කටයුතු කර ඇත.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2017-06-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ අනුරාධ ජයරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks