පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු අශෝක ප්‍රියන්ත මහතා,— ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) නාත්තණ්ඩිය සිට මාරවිල හරහා කොළඹ දක්වා කිසිදු ලංගම බස්රථ සේවයක් ක්‍රියාත්මක නොවන බවත්;
(ii) නාත්තණ්ඩිය සිට මාරවිල දක්වා වූ මාර්ගයේ ජීවත්වන විශාල පිරිසක්, දිනපතා වෙන්නප්පුව, මීගමුව, කටුනායක, ජා ඇල හා කොළඹ ආදී නගරවල රැකියා සඳහා ගමන් කරන බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) නාත්තණ්ඩිය, මාරවිල හරහා කොළඹ දක්වා උදෑසන ලංගම බස් රථයක්ද, සවසට කොළඹ, මාරවිල හරහා නාත්තණ්ඩිය දක්වා ලංගම බස්රථයක්ද ධාවනය කරවීමට කටයුතු කරන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-01-25
අසන ලද්දේ
ගරු අශෝක ප්‍රියන්ත මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) වෙන්නප්පුව ඩිපෝව මඟින් කුලියාපිටිය නගරයේ සිට නාත්තණ්ඩිය නගරයට පෙ.ව. 06.50ට ළඟා වන පරිදිද, මාරවිල නගරයට පෙ.ව. 07.00ට ළඟා වන පරිදිද කොළඹ දක්වා බස් රථයක් ධාවනය වේ. නැවත කොළඹින් ප.ව. 04.20ට කුලියාපිටිය දක්වා මාරවිල නගරයට ප.ව. 06.10ට ළඟා වන පරිදිද, නාත්තණ්ඩියට 06.20ට ළඟා වන පරිදිද බස් රථයක් යොදවා ඇත.
(ii) ඔව්.
(ආ) දැනටමත් යොදවා ඇත.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2017-01-25
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks