04

E   |     |  

 දිනය: 2016-12-09   පිළිතුර ලබා දී ඇත 

1094/2016: Buses for 907 Negombo Chilaw Road

ගරු අශෝක ප්‍රියන්ත මහතා,— ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      මීගමුව - හලාවත මාර්ගයේ, මාර්ග අංක 907 යටතේ දැනට බස්රථ ධාවනය කරනු ලබන ඩිපෝ කවරේද;

             (ii)      එක් එක් ඩිපෝව මඟින් දිනකට ධාවනය කරනු ලබන බස්රථ සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) මෙම මාර්ගයේ පෙ.ව. 4.00 සිට පෙ.ව. 6.00 දක්වා සහ ප.ව. 5.00 සිට රාත්‍රී 9.00 දක්වා පෞද්ගලික බස්රථ ධාවනය නොවීමත්, ප.ව. 5.00 සිට එම පෞද්ගලික බස්රථ සිය ගමන් වාර වෙන්නප්පුව, මාරවිල සහ මාදම්පේ නගර දක්වා පමණක් සිදු කිරිමෙන් ගමනාන්තය දක්වා ගමන් ගන්නා මගීන් විශාල පීඩාවකට ලක් වන බව එතුමා දන්නෙහිද?

(ඇ) මෙම බස් රථ සේවය භාවිතා කරන මගීන් විශාල පීඩාවකට ලක්වන බැවින්,        පෙ.ව. 4.00 සිට පෙ. ව. 6.00 දක්වා සහ ප.ව. 5.00 සිට රාත්‍රී 9.00 දක්වා අවම වශයෙන් පැය භාගයකට වරක් ලංගම බස් රථයක් ඉහත මාර්ගයේ ධාවනය කිරීමට පියවර ගන්නේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-12-09

අසන ලද්දේ

ගරු අශෝක ප්‍රියන්ත මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks