පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
(අ) ශ්‍රී ලංකාව තුළ ඇති-
(i) රජයේ ජාතික පාසල් සහ රජයේ අනෙකුත් පාසල් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) පළමු ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වන රජයේ පාසල් සංඛ්‍යාව හා සියලුම පන්ති සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වීම් නොකරන නමුත් අවම වශයෙන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම සිදුකරන රජයේ පාසල් සංඛ්‍යාව දිස්ත්‍රික් මට්ටමින් වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) ඒවායේ නම් කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) (i) බණ්ඩාරගම සහ මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වන පාසල් සංඛ්‍යාව කොපමණද;
(ii) ඒවායේ නම් කවරේද;
යන්ද එතුමා මෙම සභාවට ඉදිරිපත් කරන්නෙහිද?
(ඈ) (i) ඉංග්‍රීසි භාෂාව භාවිතය සම්බන්ධ අනාගත අභියෝගවලට මුහුණදීමට සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම අවම වශයෙන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වන පාසල් දෙකක්වත් වහාම ආරම්භ කළ යුතු බව එතුමා පිළිගන්නේද;
(ii) නොඑසේ නම්, ඊට ඉදිරිපත් කරන විකල්ප කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඉ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2010-10-06
අසන ලද්දේ
ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks