පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0358/'10
ගරු අජිත් පී. පෙරේරා මහතා,— අධිකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2010 වර්ෂයේදී මහේස්ත්‍රාත්වරුන් බඳවාගැනීම සඳහා පැවති තරඟ විභාගයට අයදුම් කළ සංඛ්‍යාව කොපමණද;
(ii) ඊට අයදුම් කිරීම සඳහා අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් සළකා බලන ලද මූලික සුදුසුකම් කවරේද;
(iii) එම විභාගයෙන් ලබාගත් ලකුණු අනුව සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වූයේද;
(iv) එසේ නම්, එම සම්මුඛ පරීක්ෂණයට කැඳවීමේ අවම ලකුණ (Cut off Mark)කවරේද;
(v) සම්මුඛ පරීක්ෂණයට කැඳවූ සංඛ්‍යාව කොපමණද;
(vi) එම සම්මුඛ පරීක්ෂණයේදී ලකුණු ලබාදීමේ පටිපාටිය කුමක්ද;
යන්න එතුමා මෙම සභාවට ඉදිරිපත් කරන්නෙහිද?
(ආ) එම විභාගයේදී සහ සම්මුඛ පරීක්ෂණයේදී ලබාගත් ලකුණු මත 2010 වර්ෂයේදී බඳවා ගත්
(i) අයදුම්කරුවන් සංඛ්‍යාව කොපමණද;
(ii) ඔවුන්ගේ සම්පූර්ණ නම් කවරේද;
(iii) එක් එක් අයදුම්කරුවන් විභාගයේ දී හා සම්මුඛ පරීක්ෂණයේදී ලබාගන්නා ලද ලකුණු වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) (i) බඳවාගැනීමේ තරඟ විභාගයෙන්, සම්මුඛ පරීක්ෂණයට කැඳවීමේදී භාවිතා කරන ලද අවම ලකුණට (Cut off Mark) අඩුවෙන් ලකුණු ලබාගත් යම් අයදුම්කරුවෙකු හෝ කීපදෙනෙකු ඉහත කී තනතුරට පත් කර තිබේද;
(ii) එසේ නම්, ඊට හේතු කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2010-08-05
අසන ලද්දේ
ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධිකරණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks