පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1061/’16
ගරු ඩග්ලස් දේවානන්ද මහතා,— බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) උතුරු සහ නැගෙනහිර පළාත්වල පසුගිය කාලයේ පැවැති යුද්ධය හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත් වු බොහෝ දෙනෙකු සිටින බවත්;
(ii) මෙම පුද්ගලයන්ගෙන් සැලකිය යුතු පිරිසකගේ කශේරුකාවට සිදුවී ඇති හානිය හේතුවෙන් ඉනෙන් පහළ කොටස අප්‍රාණික වී ඇති බවත්;
(iii) අවතැන් වු මෙම පිරිසගෙන් බොහෝ දෙනෙකු මේ වනවිට නැවත පදිංචි කර ඇති අතර තවත් පිරිසක් තවමත් නැවත පදිංචි කර නොමැති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) උතුරු සහ නැගෙනහිර පළාත්වල නැවත පදිංචි කරන ලද ජනතාවට රජයෙන් සහ රාජ්‍ය නොවන සංවිධානවලින් නිවාස සහ වැසිකිළි ඉදිකර දීමේදී ඉහත කී ආබාධිත පුද්ගලයන්ගේ නිවාසවලට ප්‍රවේශවීමේ හා වැසිකිළි භාවිතා කිරීමේ පහසුකම් කෙරෙහිද අවධානය යොමුකරමින් ඒ සඳහා සුදුසු අයුරින් ඉදිකළ නිවාස හා වැසිකිළි ලබා දීමට කටයුතු කරන්නේද;
(ii) එසේ නම්, ඒ කොපමණ ප්‍රතිශතයකින්ද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-02-21
අසන ලද්දේ
ගරු ඩග්ලස් දේවානන්දා මහතා, පා.ම.
අමාත්‍යාංශය
නැවත පදිංචි කිරීම,පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks