04

E   |     |  

 දිනය: 2017-03-09   පිළිතුර ලබා දී ඇත 

1060/2017: මහජන නි‍යෝජිතයන් නොවන පුද්ගලයන්ගේ පොලිස් ආරක්ෂාව: විස්තර

1060/’16

ගරු එස්. එම්. මරික්කාර් මහතා,— නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       මහජන නියෝජිතයන් නොවන ශ්‍රී ලාංකික පුරවැසියන්ට පෞද්ගලිකව පොලිස් ආරක්ෂාව ලබාදීමේ වැඩපිළිවෙළක් පොලිස් දෙපාර්තමේන්තුව සතුව තිබේද;

(ii) එසේ නම්, එසේ ආරක්ෂාව ලබා දී ඇති පුද්ගලයන් කවුරුන්ද;

(iii) ඔවුන්ට ලබාදී ඇති ආරක්ෂක නිලධාරින් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) දේශපාලන පක්ෂවල ආසන සංවිධායකවරයන් සඳහා පොලිසියේ හෝ හමුදාවේ ආරක්ෂාව ලබා දෙන්නේද;

(ii) එසේ නම්, එසේ ආරක්ෂාව ලබා දී ඇති පුද්ගලයන් කවුරුන්ද;

(iii) ඔවුන්ට ලබා දී ඇති ආරක්ෂක නිලධාරින් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-03-09

අසන ලද්දේ

ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)      (i)           ඔව්.

          (ii)     1.    පොලිස්පති චක්‍රලේඛ 2323/2011 අනුව,

                          විනිසුරුවරුන් සඳහා - ශ්‍රේෂ්ඨාධිකරණ, අභියාචනාධිකරණ, මහාධිකරණ (අපරාධ නඩු සම්බන්ධ), වාණිජ මහාධිකරණ, පළාත්බද සිවිල් අභියාචනාධිකරණ, මහෙස්ත්‍රතාත් අධිකරණ (මහෙස්ත්‍රාත් / අතිරේක මහෙස්ත්‍රාත්), දිසා අධිකරණ (දිසා විනිසුරුවරුන් / අතිරේක දිසා විනිසුරුවරුන්)

අධිකරණ සේවා කොමිෂන් සභාව -  ලේකම්, නියෝජ්‍ය ලේකම්, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරුන්

 

2. පොලිස්පති චක්‍රලේඛ 2531/2015 (II) අනුව,
* ගරු පළාත් ආණ්ඩුකාරවරුන්; සහ

*  ආරක්ෂක තත්ත්ව වාර්තා අනුව ජීවිත තර්ජන     

                               ඇති බවට තහවුරු වන ප්‍රභූවරුන්;

(iii) විනිසුරුවරුන් සඳහා -

්‍රේෂ්ඨාධිකරණ - ආරක්ෂක නිලධාරින් ලෙස උප පොලිස් පරීක්ෂකවරුන් හෝ පොලිස් සැරයන්වරු 01ක්, නිල නිවාස ආරක්ෂාව වෙනුවෙන් පොලිස් කොස්තාපල්වරු 02ක්, යතුරුපැදි 01ක් සහ යතුරුපැදිකරුවන් ලෙස පොලිස් සැරයන්වරු හෝ පොලිස් කොස්තාපල්වරු 02කි.

අභියාචනාධිකරණ -  ආරක්ෂක නිලධාරින් ලෙස උප පොලිස් පරීක්ෂකවරුන් හෝ පොලිස් සැරයන්වරු 01ක්, නිල නිවාස ආරක්ෂාව වෙනුවෙන් පොලිස් කොස්තාපල්වරු 02ක්, යතුරුපැදි 01ක් සහ යතුරුපැදිකරුවන්  ලෙස පොලිස් සැරයන්වරු හෝ පොලිස් කොස්තාපල්වරු 02කි.

මහාධිකරණ (අපරාධ නඩු සම්බන්ධ) -  ආරක්ෂක නිලධාරින් ලෙස පොලිස් සැරයන්වරු හෝ පොලිස් කොස්තාපල්වරු 01ක් සහ නිල නිවාස ආරක්ෂාව වෙනුවෙන් පොලිස් කොස්තාපල්වරු 02කි.

වාණිජ මහාධිකරණ  -  ආරක්ෂක නිලධාරින් ලෙස පොලිස් සැරයන්වරු හෝ පොලිස් කොස්තාපල්වරු 01ක් සහ නිල නිවාස ආරක්ෂාව වෙනුවෙන් පොලිස් කොස්තාපල්වරු 02කි.

පළාත්බද සිවිල් අභියාචනාධිකරණ -  ආරක්ෂක නිලධාරින් ලෙස පොලිස් සැරයන්වරු හෝ පොලිස් කොස්තාපල්වරු 01 සහ නිල නිවාස  ආරක්ෂාව වෙනුවෙන් පොලිස් කොස්තාපල්වරු 02කි.

මහෙස්ත්‍රාත් අධිකරණ - ආරක්ෂක නිලධාරින් ලෙස පොලිස් සැරයන්වරු හෝ පොලිස් කොස්තාපල්වරු 01ක් සහ නිල නිවාස ආරක්ෂාව වෙනුවෙන් පොලිස් කොස්තාපල්වරු 02කි.

දිසා අධිකරණ - ආරක්ෂක නිලධාරින් ලෙස පොලිස් සැරයන්වරු හෝ පොලිස් කොස්තාපල්වරු 01ක් සහ නිල නිවාස ආරක්ෂාව වෙනුවන් පොලිස් කොස්තාපල්වරු 02කි.

අධිකරණ සේවා කොමිෂන් සභාව

ලේකම් - ආරක්ෂක නිලධාරින් ලෙස පොලිස් සැරයන්වරු

නියෝජ්‍ය ලේකම් - හෝ පොලිස් කොස්තාපල්වරු 01 සහ නිල නිවාස ආරක්ෂාව වෙනුවෙන් පොලිස්

ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරුන් - කොස්තාපල්වරු 02කි.

පොලිස්පති චක්‍රලේඛ 2531/2015 (II) අනුව ප්‍රභූවරයකුට විශේෂ ආරක්ෂාවක් අවශ්‍ය වන්නේ නම් නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රභූ ආරක්ෂාව සඳහා නිලධාරින් අනුයුක්ත කිරීම පිළිබඳ කමිටුවේ අනුමැතිය මත පමණක් එසේ නිලධාරින් ලබා දීම සිදු කරයි.

 

ගරු පළාත් ආණ්ඩුකාරවරුන් - සමීප ආරක්ෂක කණ්ඩායම ලෙස ඇමති ආරක්ෂක කොට්ඨාසයෙන් පරීක්ෂක ශ්‍රේණියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක හෝ පොලිස් පරීක්ෂකවරුන් 01ක්, උප පොලිස් පරීක්ෂකවරුන් 01ක් සහ පොලිස් සැරයන් හෝ පොලිස් කොස්තාපල්වරුන් 05කි. ආරක්ෂක රථ 01ක් සහ නිල නිවසෙහි ආරක්ෂාව වෙනුවෙන් ප්‍රාදේශීය පොලිස් ස්ථාන වලින් පොලිස් සැරයන්වරු හෝ පොලිස් කොස්තාපල්වරු 02කි.

(ආ) (i) නැත.

(ii) පැන නොනඟී.

(iii) පැන නොනඟී.

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2017-03-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සාගල රත්නායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks