02

E   |     |  

 දිනය: 2010-08-05   පිළිතුර ලබා දී ඇත 

0357/2010: Base Hospital in Panadura

0357/’10

ගරු අජිත් පී. පෙරේරා මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)      පානදුර මූලික රෝහලේ තිබෙන,

              (i)      වාට්ටු සංඛ්‍යාව කොපමණද;  

            (ii)      රෝගීන් සඳහා වූ ඇඳන් සංඛ්‍යාව කොපමණද;

           (iii)      ශල්‍යාගාර සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?   

(ආ) (i) 2010 මැයි මස ඇතිවූ වර්ෂාව හේතුවෙන් ශල්‍යාගාරද ඇතුළත්ව වාට්ටු දෙකක් හැර අනෙක් සියලු වාට්ටු ජලයෙන් යටවූ බවත්;

(ii) මෙම බරපතල තත්ත්වය පසුගිය වර්ෂ කිහිපය තුළම වර්ෂයකට කිහිපවරක් ඇතිවූ බවත්;

(iii) එම තත්ත්වය වළක්වා ගැනීම සඳහා වහාම පියවර ගත යුතු බවත්;

එතුමා පිළිගන්නෙහිද?   

(ඇ) (i) එසේ නම්, ඒ සඳහා ගන්නා පියවර කවරේද;

(ii) එම කටයුතු කොපමණ කාලයක් තුළ අවසන් කරන්නේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?   

(ඈ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-08-05

අසන ලද්දේ

ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks