E   |     |  

 දිනය: 2017-05-25   පිළිතුර ලබා දී ඇත 

1052/2017: බිත්තර වී මිලදී ගැනීම: ක්‍රමවත් වැඩ පිළිවෙළ

ගරු බුද්ධික පතිරණ මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)         (i)       බිත්තර වී නිෂ්පාදනය කිරීම සඳහා ලියාපදිංචි වී සිටින ගොවීන්ගේ නිෂ්පාදන ‍අලෙවි කිරීමේදී ගැටලු මතුවී ඇති බවත්;

             (ii)       එම නිෂ්පාදන සඳහා නිසි මිලක් නොලැබෙන බවත්;

            (iii)       එහෙයින්, ඔවුන් අධෛර්යමත්ව සිටින බවත්;

එතුමා පිළිගන්නෙහිද?

(ආ) (i) බිත්තර වී ගොවීන්ගේ නිෂ්පාදන මිලට ගැනීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කරන්නේද;

(ii) එසේ නම්, ඒ කවර ආකාරයෙන්ද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-05-25

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       (i), (ii) හා (iii) නැත.

             එනමුත්, 2016/17 මහ සහ 2017 යල කන්න සඳහා ලැබුණු වර්ෂාපතනය අඩුවීම හේතු‍වෙන් රටෙහි වී වගා වපසරිය අඩු විය. මෙම හේතුව මත නිපදවන ලද බීජ වී සඳහා ඉල්ලුම සහ මිලෙහි අඩුවීමක් ඇති විය. මෙම තත්ත්වය මත බීජ නිෂ්පාදනයෙහි යෙදී සිටින ගොවීන් තාවකාලික පසුබෑමකට ලක්වුව ද අධෛර්යවත් වී නොමැත.

(ආ)          (i)       විධිමත් බීජ වී නිෂ්පාදනයෙහි යෙදී සිටින කොන්ත්‍රාත් ගොවීන්ගේ නිෂ්පාදනය ක්‍රමවත් වැඩ පිළිවෙළක් යටතේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් මිලදී ගනු ලැබේ.

                        පුද්ගලික බීජ වී නිෂ්පාදනයෙහි යෙදී සිටින තනි ගොවීන්, ගොවි සමිති හා පෞද්ගලික අංශයේ සමාගම් ආදී කණ්ඩායම් විසින් නිපදවනු ලබන බීජ වී ඔවුන් විසින්ම අළෙවි කර ගනු ලැබේ. ඒ අනුව රටෙහි සියලු බිත්තර වී ගොවීන්ගේ නිෂ්පාදන රජය විසින් මිලදී ගැනීමේ අවශ්‍යතාවක් නොමැත.

(ii)  අදාළ නොවේ.

(ඇ)  අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2017-05-25

විසින් පිළිතුරු දෙන ලදී

ගරු වසන්ත අලුවිහාරේ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks