පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0356/'10
ගරු අජිත් පී. පෙරේරා මහතා,— ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගනය අයත් රාජ්‍ය ආයතනය කවරේද;
(ii) එම ක්‍රීඩාංගනයේ විශාලත්වය කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) එම ක්‍රීඩාංගනය විවිධ ක්‍රීඩා තරඟ ජාතික මට්ටමෙන් පැවැත්වීම සඳහා සංවර්ධනය කළ හැකි තරම් ඉඩ ප්‍රමාණයකින් යුත්, යටිතල පහසුකම් ඇති ස්ථානයක පිහිටා ඇති බවත්;
(ii) මීටර් 400 ධාවන පථයක් සකස් කළ හැකි, බණ්ඩාරගම මැතිවරණ කොට්ඨාසය තුළ පිහිටා ඇති එකම ක්‍රීඩාංගනය බවත්;
එතුමා පිළිගන්නෙහිද?
(ඇ) එම ක්‍රීඩාංගනය සංවර්ධනය කිරීම සඳහා 2005 වර්ෂයේ සිට මේ දක්වා, එක් එක් වර්ෂය තුළ,
(i) මධ්‍යම රජය විසින් වෙන්කරන ලද මුදල;
(ii) එයින් වැයකර ඇති මුදල;
(iii) බස්නාහිර පළාත් සභාව විසින් වෙන්කරන ලද මුදල;
(iv) එයින් වැයකර ඇති මුදල;
කොපමණද යන්න වෙන් වෙන් වශයෙන් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) (i) වර්තමානයේ එම ක්‍රීඩාංගනය කිසිදු ක්‍රීඩාවක් තරඟකාරී ලෙස පැවැත්වීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බැවින් එය සංවර්ධනය කිරීමට ප්‍රමුඛතාව දිය යුතුව ඇති බව පිළිගන්නේද;
(ii) එසේ නම්, ඒ සඳහා ගන්නා ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඉ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2010-08-17
අසන ලද්දේ
ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.
අමාත්‍යාංශය
ක්‍රීඩා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks