පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1042/’16
ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) හිටපු ජනාධිපතිනි, චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය වත්මන් ආණ්ඩුවේ යම් නිලයක් දරන්නේද;
(ii) එතුමියට සංහිඳියාව පිළිබඳ කිසියම් වගකීමක් පවරා තිබේද;
(iii) ඇයට රජයේ වියදමින් හෙලිකොප්ටර් මඟින් ප්‍රවාහන පහසුකම් ලබා දී තිබේද;
(iv) එතුමියට ලබා දී ඇති වාහන සංඛ්‍යාව, ආරක්ෂකයන් සංඛ්‍යාව සහ වෙනත් පහසුකම් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-03-21
අසන ලද්දේ
ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඇතිව අතිගරු ජනාධිපතිතුමා විසින් ජාතික සමඟිය හා සංහිඳියා පිළිබඳ කාර්යාංශයේ සභාපතිනිය ලෙස පත්වීමක් ලබා කිසිදු වැටුපක් හෝ දීමනාවක් නොලබා සේවය කරයි.
(iii) එතුමියට රජයේ වියදමින් අවස්ථා දෙකකදී රාජකාරි ගමන් සඳහා හෙලිකොප්ටර් ප්‍රවාහන පහසුකම් ලබා දී ඇත.
(iv) ඔව්. එතුමියගේ ආරක්ෂාව සඳහා වාහන හා ආරක්ෂකයින් ලබා දී තිබෙනවා. හිටපු ජනාධිපතිවරුන් දෙදෙනාටම අපි ඒ වාගේ ලබා දී තිබෙනවා.
එතුමියගේ ආරක්ෂක අංශයට සහ එතුමියගේ ප්‍රයෝජනය සඳහා වාහන 06ක් ලබා දී ඇති අතර, ආරක්ෂකයින් 59 දෙනෙකුගේ සේවය ද ලබා දී ඇත.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2017-03-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රනිල් වික්‍රමසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks