02

E   |     |  

 දිනය: 2010-08-04   පිළිතුර ලබා දී ඇත 

0355/2010: Law Entrance Exam

0355/'10

ගරු අජිත් පී. පෙරේරා මහතා,— අධිකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      ශ්‍රී ලංකා නීතිවිද්‍යාල ප්‍රවේශ විභාගය සඳහා අයදුම් කළ හැකි උපරිම වයස අවුරුදු 35 ක් විය යුතු බවට රීතියක් පනවන ලද්දේද;

            (ii)      එය ගැසට් පත්‍රයේ පළ කරන ලද්දේ නම්, එහි පිටපතක් සභාගත කරන්නේද;

(iii) එම රීතිය අනුමතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දිනය කවදාද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) ‍(i) එසේ උපරිම වයසක් නියම කිරීම සඳහා අවශ්‍යතාවයක් තිබේද;

           (ii) එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට හා රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්මයන්හි 27(2)(ඌ) ව්‍යවස්ථාවට පටහැනි නොවන්නේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) (i) කොළඹ, ශ්‍රී ලංකා විවෘත හා විදේශ විශ්වවිද්‍යාලවල නීතිවේදී(එල්.එල්.බී) උපාධිධාරීන්ට ශ්‍රී ලංකා නීතිවිද්‍යාලයට ඇතුළත්වීම සඳහා උපරිම වයසක් නියම කර තිබේද;

(ii) නොඑසේ නම්, නීතිවිද්‍යාල ප්‍රවේශ විභාගයට අදාළව පමණක් වයස්   සීමාවක් පැනවීමට හේතු කවරේද;

යන්න එතුමා මෙම සභාවට ඉදිරිපත් කරන්නෙහිද?

(ඈ) (i) ඉහත නීතිවිද්‍යාල ප්‍රවේශ විභාගයට අයදුම් කිරීම සඳහා වයස් සීමාවක් පැනවීමෙන් වළකින ලෙස නීති අධ්‍යාපන සභා ආඥාපනතේ 7(අ) වගන්තිය ප්‍රකාර නියමයක් නිකුත් කිරීමට කටයුතු කරන්නේද;

(ii) එසේ නම්, ඒ කවදාද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඉ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2010-08-04

අසන ලද්දේ

ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධිකරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks