පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු ශාන්ති ශ්‍රීස්කන්දරාසා මහත්මිය,— රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වර්ෂ 1990 සිට 2010 දක්වා ශ්‍රී ලංකාවේ වෙනත් කිසිඳු දිස්ත්‍රික්කයක නොතිබූ ලෙස උතුරු පළාතේ පමණක් ගමනාගමනය සඳහා අවසර ලබා ගැනීමේ ක්‍රමයක් ක්‍රියාත්මක වූ බවත්;
(ii) මේ හේතුවෙන් සාමාන්‍ය ජනතාව ඇතුළු රාජ්‍ය සේවකයන් පවා කොළඹට පැමිණ නැවත යාමේදී අපහසුතාවන්ට මුහුණ පෑ බවත්;
(iii) 2009 මැයි සිට මාස කිහිපයක් මුලතිව්, කිළිනොච්චි, යාපනය, මන්නාරම සහ වවුනියා යන දිස්ත්‍රික්කවල රාජ්‍ය සේවකයන් සැලකිය යුතු ප්‍රමාණයක් අවතැන්ව සරණාගත කඳවුරුවල රැඳී සිටි බවත්;
(iv) ගමනාගමන අපහසුතා හා ඉහත (iii)හි සඳහන් තත්ත්වයන් හේතු කොටගෙන ඉහත දිස්ත්‍රික්කවල සේවය කළ රාජ්‍ය සේවකයන්ට කාර්යක්ෂමතා කඩඉම් විභාගයට පෙනී සිටීමට නොහැකි වූ බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) එබැවින්, අංක 2000/2001 දරන චක්‍රලේඛවල ක්‍රියාත්මක දිනය 2001.01.01 වෙනුවට 2011.01.01 ලෙස සංශෝධනය කිරීමටත්;
(ii) එකී දිනයේ සිට වසර 3ක සහන කාලයක් ලබා දීමටත්;
(iii) මෙම කාලය තුළ කාර්යක්ෂමතා කඩඉම් විභාගය සමත් නොවීමේ හේතුවෙන් වැටුප් වර්ධකය විලම්බනය කර තිබේ නම්, ඔවුන්ට සහන ලබාදීමටත්;
(iv) එලෙස වැටුප් වර්ධකය විලම්බනය කිරීම වෙනුවට එය අත්හිටුවීමටත්;
පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-12-05
අසන ලද්දේ
ගරු ශාන්ති ශ්‍රීස්කන්දරාසා මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks