02

E   |     |  

 දිනය: 2010-08-04   පිළිතුර ලබා දී ඇත 

0354/2010: Law Education Audinence

0354/’10

ගරු අජිත් පී. පෙරේරා මහතා,— අධිකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)      (276 වැනි අධිකාරය වූ) නීති අධ්‍යාපන සභා ආඥාපනත ප්‍රකාරව ශ්‍රී ලංකාවේ නීතිවිද්‍යාලයේ කටයුතුවලට අදාළ රීති පැනවිය හැකි බවත්;

             (ii)      පනතේ 7(1) වගන්තිය ප්‍රකාරව රීති පැනවීම සඳහා අධිකරණ ඇමතිවරයාගේ අනුමතිය අවශ්‍ය වන බවත්;

(iii) පනතේ 7(2) වගන්තිය ප්‍රකාරව රීති ගැසට් කිරීමෙන් පසුව හැකි ඉක්මනින් “අනුමත කිරීම” සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු බවත්;

එතුමා දන්නෙහිද?   

(ආ) නීති අධ්‍යාපන සභාව වෙත ප්‍රතිපත්තිමය කරුණු පිළිබද ලිඛිත නියමයන් නිකුත් කිරීමට අධිකරණ ඇමතිවරයෙකුට එම පනතේ 7(අ) වගන්තිය ප්‍රකාරව බලය ඇති බව එතුමා පිළිගන්නෙහිද?   

(ඇ) එසේ නම්, එම බලය සුදුසු අවස්ථාවක ක්‍රියාත්මක කිරීමට එතුමා කටයුතු කරන්නෙහිද?   

(ඈ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-08-04

අසන ලද්දේ

ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධිකරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks