02

E   |     |  

 දිනය: 2010-08-17   පිළිතුර ලබා දී ඇත 

0353/2010: Registered Voters in Bandaragama Pradeshiya Sabha Area

0353/'10

 

ගරු අජිත් ‍පී. පෙරේරා මහතා,— පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)       බණ්ඩාරගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත්,

              (i)      ග්‍රාම නිලධාරී කොට්ඨාස සංඛ්‍යාව කොපමණද;

             (ii)      භූමි ප්‍රමාණය දළ වශයෙන් කොපමණද;

            (iii)      ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සංඛ්‍යාව කොපමණද;

(iv) 2009 ඡන්ද නාම ලේඛනය අනුව ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව කොපමණද;‍

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) බණ්ඩාරගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට වඩා වැඩියෙන් ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාවක් සිටින ප්‍රාදේශීය සභා සංඛ්‍යාව කොපමණද;

(ii) ඒවායේ නම් කවරේද;

(iii) එම ප්‍රාදේශීය සභාවන්ට අයත් ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) අධික ජනගහනය, භූමියේ පිහිටීම සහ පරිපාලන පහසුව සලකා බණ්ඩාරගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය, බණ්ඩාරගම සහ මිල්ලනිය ලෙස ප්‍රාදේශීය සභා දෙකකට හෝ බණ්ඩාරගම නගර සභාව සහ මිල්ලනිය ප්‍රාදේශීය සභාව වශයෙන් පළාත් පාලන ආයතන දෙකකට හෝ වෙන්කිරීමට එතුමා කටයුතු කරන්නෙහිද?

(ඈ) එසේ නම්, එලෙස නව පළාත් පාලන ආයතන සීමානිර්ණය කරන්නේ කවදාද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඉ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-08-17

අසන ලද්දේ

ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

පළාත් පාලන හා පළාත් සභා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks