01

E   |     |  

 දිනය: 2017-01-24   පිළිතුර ලබා දී ඇත 

1013/2017: කොළඹ වරායේ කන්ටේනර් මෙහෙයුම් සමාගම්: විස්තර

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— වරාය හා නාවික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       කොළඹ වරාය තුළ කන්ටේනර් මෙහෙයුම් සිදුකරන සමාගම් කවරේද;

             (ii)       SAGT සමාගම හා ශ්‍රී ලංකා රජය අතර ගිවිසුම අත්සන් කළ දිනය කවරේද;

           (iii)       එම ගිවිසුම සභාගත කරන්නේද;

(iv) CICT සමාගම සහ ශ්‍රී ලංකා රජය අතර ගිවිසුමට අත්සන් කළ දිනය කවරේද;

(v) එම ගිවිසුම සභාගත කරන්නේද;

(vi) කොළඹ වරායේ කන්ටේනර් මෙහෙයුම් එම පෞද්ගලික සමාගම්වලට පැවරීමට බලපෑ හේතු කවරේද;

(vii) 1998 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකා වරාය අධිකාරිය, SAGT සමාගම සහ CICT සමාගම විසින් සිදුකළ කන්ටේනර් මෙහෙයුම් සංඛ්‍යාව, එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන්  කොපමණද;

(viii) සමස්ත කන්ටේනර් මෙහෙයුම්වලින්, එක් එක් සමාගම සිදුකළ මෙහෙයුම් සංඛ්‍යාවෙහි ප්‍රතිශතය, එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-01-24

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.

අමාත්‍යාංශය

වරාය හා නාවික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      1.     ජයබහලු පර්යන්තය (Jaya Container Terminal)/ සමගි බහලු පර්යන්තය (Unity Container Terminal) (වරාය අධිකාරිය සතුය)

                         2.     දකුණු ආසියානු පිවිසුම් පර්යන්තය  (SAGT-South Asia Gateway Terminal) - පෞද්ගලික

                  3.     කොළඹ ජාත්‍යන්තර බහලු පර්යන්තය  (CICT-Colombo International Container Terminal) - පෞද්ගලික

(ii) SAGT සමාගම හා ශ්‍රී ලංකා රජය අතර 1999 අගෝස්තු මස 06වෙනි දින ගිවිසුම අත්සන් කරන ලදී.

(iii) ගිවිසුම සභාගත කළ හැකිය.

(iv) CICT සමාගම සහ ශ්‍රී ලංකා රජය අතර 2011 අගෝස්තු 12වෙනි දින ගිවිසුම අත්සන් කරන ලදී.

(v) ගිවිසුම සභාගත කළ හැකිය.

(vi) ප්‍රධාන වශයෙන් එවකට රජය විසින් ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණ  අනුව එය සිදුවිය.

  • පෞද්ගලික ආයෝජන තුළින් ප්‍රාග්ධනය වර්ධනය කිරීම.
  • කොළඹ වරාය, කලාපයේ ප්‍රධාන ප්‍රතිඅපනයන බහලු මෙහෙයුම් කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජන තුළින් තරගකාරිත්වය ඇති කිරීම.
  • තරගකාරිත්වය ඇති කිරීම තුළින් සේවයේ ගුණාත්මකභාවය වර්ධනය කිරීම, ධාරිතාව වර්ධනය කිරීම, ජාත්‍යන්තර මෙහෙයුම් කරුවන්ගේ මෙහෙයුම් ප්‍රමිති තුළින් බහලු මෙහෙයුම් ආකර්ෂණය කරගැනීම හා ඒ තුළින් පසු ගිය පරිච්ඡේදය තුළදී ප්‍රතිඅපනයන බහලු මෙහෙයුම් විශාල වශයෙන් කොළඹ වරායට ආකර්ෂණය කරගත හැකිවීම.

(vii) පර්යන්ත අනුව බහලු මෙහෙයුම් (විස්සේ සම ඒකක) - කොළඹ වරාය - 1998 වර්ෂයේ සිට 2016 වර්ෂයේ නොවැම්බර් මස දක්වා

 

 

වර්ෂය

පර්යන්ත

ශ්‍රී ලං ව අ

SAGT

CICT

කොළඹ වරාය

1998

1,714,077

 

 

1,714,077

1999

1,636,025

      68,364

 

1,704,389

2000

1,432,264

    300,591

 

1,732,855

2001

1,396,946

    329,659

 

1,726,605

2002

1,206,694

    558,000

 

1,764,694

2003

1,334,900

    624,436

 

1,959,336

2004

1,320,845

    899,680

 

2,220,525

2005

1,523,794

    931,503

 

2,455,297

2006

1,743,669

1,335,416

 

3,079,085

2007

1,834,734

1,546,508

 

3,381,242

2008

1,960,898

1,726,440

 

3,687,338

2009

1,714,488

1,749,809

 

3,464,297

2010

2,167,173

1,970,268

 

4,137,441

2011

2,299,446

1,963,441

 

4,262,887

2012

2,316,849

1,870,271

 

4,187,120

2013

2,501,863

1,746,802

      57,541

4,306,206

2014

2,559,339

1,661,940

  686,636

4,907,915

2015

2,252,323

1,371,245

1,561,899

5,185,467

2016

1,935,330

1,477,767

1,810,732

5,223,829

(viii) සමස්ත ‍බහලු ‍මෙහෙයුම් (විස්සේ සම ඒකක)  ප්‍රතිශතයක් ලෙස - කොළඹ වරාය - 1998 වර්ෂයේ සිට 2016 වර්ෂයේ නොවැම්බර් මස දක්වා

 

 

වර්ෂය

පර්යන්ත

ශ්‍රී ලං ව අ

SAGT

CICT

කොළඹ වරාය

2007

  54.3

45.7

 

100.0

2008

  53.2

46.8

 

100.0

2009

  49.5

50.5

 

100.0

2010

  52.4

47.6

 

100.0

2011

  53.9

46.1

 

100.0

2012

  55.3

44.7

 

100.0

2013

  58.1

40.6

  1.3

100.0

2014

  52.1

33.9

14.0

100.0

2015

  43.5

26.4

30.1

100.0

2016

  37.0

28.3

34.7

100.0

(ආ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2017-01-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අර්ජුන රණතුංග මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks