පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1011/’16
ගරු බිමල් රත්නායක මහතා,— ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මේ වනවිට දිවයිනේ සියළුම ප්‍රදේශවල පාසල් සිසුන් ප්‍රවාහනය සඳහා පුද්ගලික වෑන් රථ සහ ත්‍රිරෝද රථ විශාල වශයෙන් යොදා ගන්නා බවත්;
(ii) පාසල් නිවාඩු කාලයේද වෑන් රථ සඳහා ගාස්තු අය කරනු ලබන බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) මේ වනවිට දිවයිනෙහි පාසල් සිසුන් ප්‍රවාහනය සඳහා යොදවා ඇති වාහන සංඛ්‍යාව කොපමණද;
(ii) මෙම වෑන් රථවල ප්‍රමිතිය, රථයක තිබිය යුතු ආසන සංඛ්‍යාව සහ වෑන් රථ සඳහා පාසල් සිසුන්ගෙන් අයකරනු ලබන ගාස්තුව ආදී කරුණු සම්බන්ධයෙන් කිසියම් නියාමනයක් තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-03-21
අසන ලද්දේ
ගරු බිමල් රත්නායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) ඔව්.
(ආ) (i) වර්තමානයේ පාසල් ළමුන් ප්‍රවාහනය සඳහා පොදු ප්‍රවාහන ලෙසින් බස්රථ, මෝටර් ලොරි, ද්විත්ව කාර්ය වාහන, ත්‍රිරෝද රථ හා ග්‍රාමීය ප්‍රදේශවල අත්ට්‍රැක්ටර් ද යොදා ගන්නා බැවින්, සංඛ්‍යාත්මක අගයන් ඉදිරිපත් කළ නොහැක.
ඇත්ත වශයෙන් ගරු මන්ත්‍රීතුමනි, මේ පිළිබඳව තවම හරියට සංගණනයක් කරලා නැහැ.
(ii) මෝටර් ප්‍රවාහන පනතේ ප්‍රතිපාදන අනුව වාහනවල ප්‍රමිතිය හා අදාළ ආසන සංඛ්‍යාව පිළිබඳ නියාමනයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන අතර, අය කරන ගාස්තු ඇතුළු අනෙකුත් කටයුතු පිළිබඳ නියාමනයක් දැනට සිදු නොවේ. මෝටර් රථ ආඥා පනත යටතේ මේ එක් එක් රථවල ගෙන යා හැකි මඟීන්ගේ සංඛ්‍යාව, ඒකේ තිබෙන්න ඕනෑ ඉඩකඩ ප්‍රමාණය පිළිබඳව යම් නීති රෙගුලාසි තිබෙනවා. ඒ හැරෙන්න අය කරන ගාස්තු පිළිබඳව නියාමනයක් සිදු වෙලා නැහැ.
දැනට මෙම අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවලින් පුද්ගලික මගී ප්‍රවාහන නියාමන ආයතනයක් වශයෙන් පවතින ජාතික ගමනාගමන කොමිෂන් සභාවට එම ආයතනයට අදාළ 1991 අංක 37 දරන කොමිෂන් සභා පනතට අනුව පාසල් වෑන් රථ නියාමනය සඳහා බලයක් ලැබී නොමැත. බලයක් තිබෙන්නේ පෞද්ගලික බස් රථ සඳහා පමණයි.
2017 අය වැය යෝජනා අංක 257 පරිදි මගී ප්‍රවාහනයට යොදා ගන්නා ත්‍රිරෝද රථ හා පාසල් ළමුන් ප්‍රවාහනය කරනු ලබන වෑන් රථවල ගුණාත්මක සේවාවක් ඇති කිරීම පිණිස නියාමන අධිකාරියන් පිහිටු වීමට යෝජනා කර තිබෙනවා. මෙහිදී විවිධ අමාත්‍යාංශ/ආයතන යටතට ගැනෙන කරුණු හා පළාත් සභා මඟින් කටයුතු කරනු ලබන ඇතැම් විෂයයන් පිළිබඳව අවධානයට ගත යුතු බැවින් ඊට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා මෙන්ම වගකීම, කාර්ය භාරය හා ක්‍රමවේදය සකසා ගැනීම සඳහා මා විසින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ඒ අනුව එයට ලද අමාත්‍ය මණ්ඩල අනුමැතිය පරිදි අමාත්‍යාංශ 11ක නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර ඇති අතර, මෙම අමාත්‍යාංශය විසින් එම කමිටුවේ කටයුතු ආරම්භ කර අදාළ කටයුතු සිදු කරමින් පවතිනවා.
මේ කමිටු වාර්තාවට පස්සේ අපේ පාර්ලිමේන්තුවේ අවශ්‍ය කාරක සභා තුළත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා මේවා නියාමනය සඳහා ගත යුතු පියවර පිළිබඳව පුළුල් එකඟතාවක් ඇතිකර ගෙන, ඒ සඳහා නීතිරීති අවශ්‍ය නම් ඒවා ගෙන එන්න මා බලාපොරොත්තු වනවා.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2017-03-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks