02

සි   |     |  

 Date: 2017-03-21   Answered 

1011/2017: VEHICLES USED FOR TRANSPORT OF SCHOOL CHILDREN: STANDARDS

1011/’16

Hon. Bimal Rathnayake,— To  ask  the  Minister  of  Transport  and   Civil  Aviation,—

(a) Is he aware that—

(i) private vans and three-wheelers are widely used for transporting school children in all parts of the island at present; and

(ii) fees are charged for school vans even during school vacations?

(b) Will he inform this House—

(i) of the total number of vehicles that have been deployed in the country for transporting school children at present; and

(ii) whether there is any procedure for regulating the standards of those vehicles, the seating capacity of those vehicles and the fees charged from school children for such vehicles?

(c) If not, why?

 

Asked Date

2017-03-21

Asked by

Hon. Bimal Rathnayake, M.P.

Ministry

Transport and Civil Aviation

Legislature

Eighth Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

(අ)          (i)      ඔව්.

              (ii)      ඔව්.

(ආ)         (i)      වර්තමානයේ පාසල් ළමුන් ප්‍රවාහනය සඳහා පොදු ප්‍රවාහන ලෙසින් බස්රථ, මෝටර් ලොරි, ද්විත්ව කාර්ය වාහන, ත්‍රිරෝද රථ හා ග්‍රාමීය ප්‍රදේශවල අත්ට්‍රැක්ටර් ද යොදා ගන්නා          බැවින්, සංඛ්‍යාත්මක අගයන් ඉදිරිපත් කළ නොහැක.

                         ඇත්ත වශයෙන් ගරු මන්ත්‍රීතුමනි, මේ පිළිබඳව තවම හරියට සංගණනයක් කරලා නැහැ.

(ii) මෝටර් ප්‍රවාහන පනතේ ප්‍රතිපාදන අනුව වාහනවල ප්‍රමිතිය හා අදාළ ආසන සංඛ්‍යාව පිළිබඳ නියාමනයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන අතර, අය කරන ගාස්තු ඇතුළු අනෙකුත් කටයුතු පිළිබඳ නියාමනයක් දැනට සිදු නොවේ. මෝටර් රථ ආඥා පනත යටතේ මේ එක් එක් රථවල ගෙන යා හැකි මඟීන්ගේ සංඛ්‍යාව, ඒකේ තිබෙන්න ඕනෑ ඉඩකඩ ප්‍රමාණය පිළිබඳව යම් නීති රෙගුලාසි තිබෙනවා. ඒ හැරෙන්න අය කරන ගාස්තු පිළිබඳව නියාමනයක් සිදු වෙලා නැහැ.

දැනට මෙම අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවලින් පුද්ගලික මගී ප්‍රවාහන නියාමන ආයතනයක් වශයෙන් පවතින ජාතික ගමනාගමන කොමිෂන් සභාවට එම ආයතනයට අදාළ 1991 අංක 37 දරන කොමිෂන් සභා පනතට අනුව පාසල් වෑන් රථ නියාමනය සඳහා බලයක් ලැබී නොමැත. බලයක් තිබෙන්නේ පෞද්ගලික බස් රථ සඳහා පමණයි.

2017 අය වැය යෝජනා අංක 257 පරිදි මගී ප්‍රවාහනයට යොදා ගන්නා ත්‍රිරෝද රථ හා පාසල් ළමුන් ප්‍රවාහනය කරනු ලබන වෑන් රථවල ගුණාත්මක සේවාවක් ඇති කිරීම පිණිස නියාමන අධිකාරියන් පිහිටු වීමට යෝජනා කර තිබෙනවා. මෙහිදී විවිධ අමාත්‍යාංශ/ආයතන යටතට ගැනෙන කරුණු හා පළාත් සභා මඟින් කටයුතු කරනු ලබන ඇතැම් විෂයයන් පිළිබඳව අවධානයට ගත යුතු බැවින් ඊට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා මෙන්ම වගකීම, කාර්ය භාරය හා ක්‍රමවේදය සකසා ගැනීම සඳහා මා විසින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ඒ අනුව එයට ලද අමාත්‍ය මණ්ඩල අනුමැතිය පරිදි අමාත්‍යාංශ 11ක නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර ඇති අතර, මෙම අමාත්‍යාංශය විසින් එම කමිටුවේ කටයුතු ආරම්භ කර අදාළ කටයුතු සිදු කරමින් පවතිනවා.

මේ කමිටු වාර්තාවට පස්සේ අපේ පාර්ලිමේන්තුවේ අවශ්‍ය කාරක සභා තුළත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා මේවා නියාමනය සඳහා ගත යුතු පියවර පිළිබඳව පුළුල් එකඟතාවක් ඇතිකර ගෙන, ඒ සඳහා නීතිරීති අවශ්‍ය නම් ඒවා ගෙන එන්න මා බලාපොරොත්තු වනවා.

(ඇ) පැන නොනඟී.

Answered Date

2017-03-21

Answered by

Hon. Nimal Siripala de Silva, Attorney at Law, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks