පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ විදුලි සම්ප්‍රේෂණ හා බෙදා හැරීමේ ජාලය තුළ තාක්ෂණික හා වාණිජමය වශයෙන් සිදුවන විදුලිබල නාස්තියේ ප්‍රතිශතය කොපමණද;
(ii) එම නාස්තිය පිටු දැකීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් ගනු ලබන පියවර කවරේද;
(iii) එම නාස්තිය අවම කිරීම සඳහා ලංකා විදුලි පෞද්ගලික සමාගම විසින් ගනු ලබන පියවර කවරේද;
(iv) ලෝකයේ වෙනත් රටවලට සාපේක්ෂව, ශ්‍රී ලංකාවේ විදුලිබල නාස්තිය ඉහළ අගයක් ගන්නා බව පිළිගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-12-05
අසන ලද්දේ
ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) සම්ප්‍රේෂණ හා බෙදා හැරීම් ජාලය තුළ සිදු වන විදුලිබල හානියේ ප්‍රතිශතය සියයට 9.96කි. මේ ප්‍රමාණය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කර ගන්න ලංකා විදුලිබල මණ්ඩලයත්, LECO ආයතනයත් පසු ගිය කාලය තුළ සමත්වෙලා තිබෙනවා.
(ii) ලංකා විදුලිබල මණ්ඩලය විසින් එම හානිය පිටු දැකීම සඳහා පහත පියවරයන් ගනු ලබයි.
(අ) ලංකා විදුලිබල මණ්ඩලයේ සම්ප්‍රේෂණ හා ප්‍රාදේශීය බෙදා හැරීම් සැලැස්මේ දක්වා ඇති පරිදි දිවයින පුරා විහිදී ඇති සම්ප්‍රේෂණ හා බෙදා හැරීම් ජාලය අඛණ්ඩව වැඩිදියුණු කිරීම.
(ආ) පළාත්බදව පවතින ලංකා විදුලිබල මණ්ඩලයේ බලශක්ති කළමනාකරණ ඒකක ඇතුළු අනෙකුත් අංශ මඟින් සියලුම පළාත්හි බලශක්ති හානිය අවම කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
විදුලිබල නාස්තිය පිටුදැකීම සඳහා විදුලිබල මණ්ඩලය විවිධ පියවර ගෙන තිබෙනවා, ගරු කථානායකතුමනි. විදුලිබල මණ්ඩලයට අමතරව අපේ තවත් බෙදාහැරීමේ ආයතනයක් තිබෙනවා. ඒක තමයි, ලංකා විදුලි පෞද්ගලික සමාගම. ලංකා විදුලි පෞද්ගලික සමාගම කරන්නේ බෙදා හැරීම -distribution- පමණයි. ඔවුන් transmission කරන්නේ නැහැ.
(iii) 2015 වර්ෂයේ වාර්තා වූ විදුලි ශක්ති හානිය සියයට 4ක් වේ. මෙම දර්ශකය ඉතා ප්‍රශස්ත අගයක් වන අතර, හානිය පාලනය කිරීම සඳහා ලංකා විදුලි පෞද්ගලික සමාගම මාර්ග තුනක් අනුගමනය කර තිබෙනවා. ඒවා මෙසේයි.
(අ) ශක්ති හානිය මාසිකව ගණනය කරමින් සිටීම හා ඒවා ගැන පසුවිපරම් කිරීම.
(ආ) හානිය වැඩි උපපොළවල ශක්ති විගණනය - energy audit - කිරීම.
(ඇ) අනවසර විදුලිය ලබාගැනීම් පිළිබඳව පරීක්ෂණ කොට නීති මඟින් කටයුතු කිරීම.
ගරු කථානායකතුමනි, මේ අනවසර විදුලිය ලබාගැනීම් හරහා සිදු වන නාස්තිය කලින් ප්‍රධානම ප්‍රශ්නයක් වෙලා තිබුණා. හුඟක් ප්‍රදේශවල ජනතාව අවිධිමත් ලෙස වයර් සම්බන්ධ කරලා -එයට අපි කියන්නේ කොකු ගහනවා කියායි.- විදුලිය අරගෙන තිබුණා. මේ තත්ත්වය දැන් සම්පූර්ණයෙන් නැති වෙලා තිබෙනවා. මොකද, මේ යහ පාලන රජය බලයට පත් වුණාට පසුව රුපියල් බිලියන 5කට වැඩි මුදලක් වියදම් කරලා නිවාස ඒකක 255,000ක සිටින දුප්පත්ම අහිංසක මිනිසුන්ට මූලික ගෙවීමක්වත් නැතිව විදුලිය ලබාදෙන්න අපට පුළුවන්කම ලැබුණා. එම නිසා දැන් කොකු ගැසීම් සිදු වන්නේ නැහැ. ඉතාම අල්ප වශයෙන් තමයි එවැනි දේවල් සිදු වන්නේ. එම නිසා විදුලිය නාස්තිය සෑහෙන්න අවම වෙලා තිබෙනවා.
(iv) ලෝකයේ බොහෝ රටවල් සමඟ සංසන්දනය කිරීමේදී මෙය අඩු අගයක් ගන්නවා, ගරු මන්ත්‍රීතුමනි.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2017-01-25
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks