පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) සුළං බලය මඟින් සහ සූර්ය බලය මඟින් විදුලිය උත්පාදනය කිරීමේදී එම විදුලිය මිලදී ගැනීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් අනුගමනය කරනු ලබන ක්‍රමවේදය කවරේද;
(ii) සුළං බලය සහ සූර්ය බලය ඇසුරෙන් උත්පාදනය කරන විදුලිය තරඟකාරි සහ විවෘත ටෙන්ඩර් පටිපාටියක් මඟින් මිලදී ගැනීම සිදු කළ නොහැකිද;
(iii) සූර්ය බලශක්ති උද්‍යාන (Solar Park) සහ සූළං බලශක්ති උද්‍යාන (Wind Park) යන ලෝකයේ ප්‍රකට ලෙස භාවිතා වන ක්‍රමවේද භාවිතා කරමින් විදුලිය උත්පාදනය කිරීම සහ එම විදුලිය ලංකා විදුලිබල මණ්ඩලය මඟින් මිලදී ගැනීම ලංකා විදුලිබල මණ්ඩලයට සහ රටට වඩාත් ලාභදායී නොවන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-12-02
අසන ලද්දේ
ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks