පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
982/’16
ගරු අජිත් මාන්නප්පෙරුම මහතා,— විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) සූර්ය බලය උපයෝගී කරගෙන ශ්‍රී ලංකාවේ උත්පාදනය කරනු ලබන විදුලිබල ප්‍රමාණය කොපමණද;
(ii) පුරවැසියන් විසින් තම නිවෙස්වල හෝ ව්‍යාපාරික ගොඩනැගිලිවල සවිකරනු ලැබූ සූර්ය කෝෂ මඟින් නිෂ්පාදනය කර ජාතික පද්ධතියට දිනකට එකතු කරනු ලබන විදුලිබල ප්‍රමාණය කොපමණද;
(iii) සූර්ය බලය මඟින් විදුලිය නිෂ්පාදනය කෙරෙහි දක්වා ඇති සැළකිල්ල අඩු වීමට හේතුව කවරේද;
(iv) සූර්ය බලයෙන් විදුලිය උත්පාදනය කර එම විදුලිය ජාතික පද්ධතියට එකතු කරනු ලබන තම පාරිභෝගිකයන්ට ලංකා විදුලිබල මණ්ඩලය විසින් ලබා දී ඇති සහන කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-11-28
අසන ලද්දේ
ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks