පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
981/’16
ගරු අජිත් මාන්නප්පෙරුම මහතා,— විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) නොරොච්චෝලේ ගල් අඟුරු තාප බලාගාරයේ ඇති විදුලි ජනක යන්ත්‍ර සංඛ්‍යාව කොපමණද;
(ii) එම එක් එක් විදුලි ජනක යන්ත්‍රය විදුලිය උත්පාදනය කිරීම ආරම්භ කරන ලද වර්ෂය වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) එකී විදුලි ජනක යන්ත්‍ර සඳහා ශ්‍රී ලංකා රජය දරා ඇති සම්පූර්ණ වියදම කොපමණද;
(iv) මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයා ගන්නා ලද්දේ කෙසේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) නොරොච්චෝලේ විදුලි බලාගාරය ඉදිකිරීම සඳහා ලබා ගන්නා ලද ණය මුදල ආපසු ගෙවනු ලබන ආකාරය කවරේද;
(ii) ණය මුදල ගෙවනු ලබන්නේ ලංකා විදුලිබල මණ්ඩලය විසින්ද; නොඑසේ නම්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය විසින්ද;
(iii) වසරකට ගෙවනු ලබන වාරිකවල මුළු එකතුව ඇමරිකානු ඩොලර් මිලියන කොපමණද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-11-26
අසන ලද්දේ
ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ ජනක යන්ත්‍ර තුනක් තිබේ.
(ii) පළමු බලාගාරය විදුලි උත්පාදනය ආරම්භ කරන ලද්දේ 2011 වර්ෂයේදී ය.
දෙවන සහ තෙවන බලාගාර විදුලි උත්පාදනය ආරම්භ කරන ලද්දේ 2014 වර්ෂයේදී ය.
(iii) එකී ජනක යන්ත්‍ර සඳහා ශ්‍රී ලංකා රජය විසින් දරන ලද සම්පූර්ණ මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 1,346කි.
(iv) මෙම ව්‍යාපෘතිය සඳහා ආධාර ලබා දෙනු ලබන්නේ චීනයේ EXIM බැංකුවෙනි.
(ආ) (i) නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය ඉදිකිරීම සඳහා ගනු ලැබූ ණය චීනයේ EXIM බැංකුව සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය අතර අත්සන් කෙරුණු ගැණුම්කරු ණය ගිවිසුමෙහි - Buyers Credit Agreement- කොන්දේසි යටතේ නැවත රජයේ භාණ්ඩාගාරය විසින් ගෙවනවා.
විදුලිබල මණ්ඩලයෙන් නොවෙයි, භාණ්ඩාගාරයෙන් තමයි ඒ මුදල් ආපසු ගෙවන්නේ. ඒ මුදල් ගෙවන්නේ අර්ධ වාර්ෂිකවයි. ණය මුදලෙහි නැවත ගෙවීමේ කාලය වසර 15කි.
(ii) ණය ප්‍රදානය දැන් අවසන් වෙලා තිබෙනවා. ඒ නිසා චීනයේ EXIM බැංකුවට ගෙවීමට තිබෙන ණය මුදල රජය විසින් ගෙවනවා.
එය විදුලිබල මණ්ඩලය විසින් ගෙවන්නේ නැහැ කියන එක මම පැහැදිලිව කියන්න ඕනෑ. රජය විසින් තමයි වෙනමම මේ ණය ගෙවීම් කරන්නේ.
(iii) මෙම ණය මුදල මහා භාණ්ඩාගාරය විසින් ගෙවනු ලබන අතර 2015 හා 2016 වසර සඳහා තොරතුරු පහත දක්වා තිබෙනවා.
වර්ෂය වාරිකය පොලිය(ඇ.ඩො.මි)
2015 (ඇ.ඩො.මි) 87 (ඇ.ඩො.මි) 25.8
2016 (ඇ.ඩො.මි) 94.7 (ඇ.ඩො.මි) 23.6
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2017-04-25
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks