පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු බිමල් රත්නායක මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2009.05.19 වැනි දිනට කුරුණෑගල දිස්ත්‍රික්කයේ තිබූ මත්පැන් අලෙවිසැල් සංඛ්‍යාව කොපමණද;
(ii) එම අලෙවිසැල් පිහිටි ස්ථානවල ලිපිනයන් කවරේද;
(iii) 2010, 2011, 2012, 2013, 2014 සහ 2015 යන වර්ෂයන්හි අලුතින් විවෘතකර ඇති මත්පැන් අලෙවිසැල් සංඛ්‍යාව, එක් එක් වර්ෂයට වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) එම ස්ථානයන්හි ලිපිනයන් කවරේද;
(v) මේ වනවිට කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ ඒක පුද්ගල මත්පැන් පරිභෝජනය කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-12-10
අසන ලද්දේ
ගරු බිමල් රත්නායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2009.05.19 දින වන විට කුරුණෑගල දිස්ත්‍රික්කයේ තිබූ මත්පැන් අළෙවි සැල් සංඛ්‍යාව 132කි.
(ii) ඇමුණුමෙහි දක්වා ඇත.
(iii)
|
වර්ෂය |
අලුතින් විවෘත කළ මත්පැන් අළෙවි සැල් |
|
2010 |
නැත |
|
2011 |
2 |
|
2012 |
1 |
|
2013 |
4 |
|
2014 |
1 |
|
2015 |
1 |
(iv)
|
ර.බී 11 |
2011 |
රිච්වින් හොටෙල් රෙස්ටූරන්ට් ඇන්ඩ් බාර්, අංක 115, මහකන්දේගම, තුරුලියගම, වැල්ලව. |
|
ර.බී 07 ටීබී |
2011 |
බෲක් බුටික් හෝටලය, මඩහපොල පාර, අලිපල්ලම, මැල්සිරිපුර |
|
ර.බී 07 ටීබී |
2012 |
රෝයල් ග්‍රෑන්ඩ් හොටෙල් ඇන්ඩ් රෙස්ටූරන්ට්, පුත්තලම පාර, කෙලිමුනේ, මහකෙලිය |
|
ර.බී 07 ටීබී |
2013 |
හොටෙල් බුද්ධිමා සමුද්‍ර, පුත්තලම පාර, නිකවැරටිය |
|
ර.බී 07 ටීබී |
2013 |
නිව් කැසරොමානා රෙස්ට්, නො-03, කුලියාපිටිය පාර, හෙට්ටිපොල |
|
ර.බී 07 ටීබී |
2013 |
හොටෙල් මිහිර විලේජ්, අනුරාධපුර පාර, දැතව, අඹන්පොල. |
|
ර.බී 07 ටීබී |
2013 |
ද පැරඩයිස් හොටෙල්, පුත්තලම පාර, වල්ගනේ, මාස්පොත, කුරුණෑගල |
|
ර.බී 11 ටීබී |
2014 |
සමනල රෙස්ටූරන්ට්, කිතුල් හැරගම, නාගොල්ලාගම, මහව. |
|
ර.බී 07 ටීබී |
2015 |
සෝබා ලංකා හොලිඩේ රිසෝට් (පුද්) සමාගම, බලවත්තල පාර, මැල්සිරිපුර |
(v) 2015 වර්ෂයේ ඒකපුද්ගල මත්පැන් පරිභෝජනය ලීටර් 8.0
(ආ) පැන නොනඟී.
ඇමුණුම සභාගත* කරමි.
පිළිතුරු දුන් දිනය
2016-12-10
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks