04

E   |     |  

 දිනය: 2016-11-26   පිළිතුර ලබා දී ඇත 

0951/2016: දිවුලපිටිය මැතිවරණ කොට්ඨාසයේ ඇති රජයේ ඉඩම්: විස්තර

ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා,— ඉඩම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      දිවුලපිටිය ආසනයේ  පවතින රජය සතු ඉඩම් ප්‍රමාණය කොපමණද;

            (ii)      එම එක් එක් ඉඩම අයත් ආයතනය වෙන් වෙන් වශයෙන් කවරේද;

           (iii)      ආයෝජන කටයුතු වෙනුවෙන් බදු දී ඇති ඉඩම් ප්‍රමාණය කොපමණද;

(iv) පදිංචිය සඳහා බදු දී හෝ පවරා දී ඇති ඉඩම් ප්‍රමාණය කොපමණද;

(v) අනාගතයේදී බදු දීමට හෝ පවරා දීමට සැලසුම් කර ඇති ඉඩම් ප්‍රමාණය කොපමණද;

(vi) ඌන උපයෝජිත ඉඩම් තිබේ නම්, ඒවා පූර්ණ උපයෝජිත කිරීම සඳහා  අමාත්‍යාංශය සතුව වැඩපිළිවෙළක් තිබේද;

(vii) එසේ නම්, එම වැඩපිළිවෙළ කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-11-26

අසන ලද්දේ

ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඉඩම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       හෙක්ටෙයාර 924.3615 (නවසිය විසිහතරයි, දශම තුනයි හයයි එකයි පහයි)

              (ii)       රජය සතු ඉඩම් පහත පරිදි විවිධ ආයතන වෙත වෙන් කර දී ඇත.

 

ආයෝජන මණ්ඩලයට

හෙක්ටෙයාර 12.9554 (දොළහයි දශම නවයයි පහයි පහයි හතරයි)

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (පැවරීමට කටයුතු කරමින් පවතී)

හෙක්ටෙයාර 63.3572 (හැටතුනයි දශම තුනයි පහයි හතයි දෙකයි)

යුද හමුදාව (පැවරීමට කටයුතු කරමින් පවතී)

හෙක්ටෙයාර 3.23 (තුනයි දශම දෙකයි තුනයි)

ගුවන් හමුදාව (පැවරීමට කටයුතු කරමින් පවතී)

හෙක්ටෙයාර 135.63 (එකසියතිස්පහයි දශම හයයි තුනයි)

තවද, රජයේ ඉඩම් ආඥා පනත හා ඉඩම් සංවර්ධන ආඥා පනත අනුව ඉහත දක්වා ඇති රජයේ ආයතනවලට අමතරව කෘෂි කාර්මික, වාණිජ හා නේවාසික කටයුතු සඳහා විවිධ පුද්ගලයින් හා පෞද්ගලික ආයතනවලට ඉඩම් පවරා ඇත.

විවිධ සංවර්ධන කටයුතු සඳහා රජයට අත්පත් කර ගත් ඉඩම් පහත පරිදි රජයේ ආයතන වෙත ලබා දී ඇත.

 

 

රජයේ පාසල්වලට

හෙක්ටෙයාර 5.1619 (පහයි දශම එකයි හයයි එකයි නවයයි)

පොලිස් දෙපාර්තමේන්තුවට

හෙක්ටෙයාර 0.7591 (බින්දුවයි දශම හතයි පහයි නවයයි එකයි)

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට

හෙක්ටෙයාර 1.1740 (එකයි දශම එකයි හතයි හතරයි බින්දුවයි)

සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට

හෙක්ටෙයාර 0.6148 (බින්දුවයි දශම හයයි එකයි හතරයි අටයි)

නිවාස සංවර්ධන අධිකාරියට

හෙක්ටෙයාර 6.0678 (හයයි දශම බින්දුවයි හයයි හතයි අටයි)

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට

හෙක්ටෙයාර 15.6730 (පහළොවයි දශම හයයි හතයි තුනයි බින්දුවයි)

ප්‍රාදේශීය සභාවට

හෙක්ටෙයාර 0.3862 (බින්දුවයි දශම තුනයි අටයි හයයි දෙකයි)

 

(iii) ආයෝජන කටයුතු සඳහා ආයෝජන මණ්ඩලය වෙත හෙක්ටෙයාර 12.9554ක (දොළහයි දශම නවයයි පහයි පහයි හතරක) ඉඩම් ප්‍රමාණයක් ලබා දී ඇත.

(iv) හෙක්ටෙයාර 665.5870 (හයසිය හැට පහයි, දශම පහයි අටයි හතයි බින්දුව)

(v) මේ වන විට හඳුනා ගෙන ඇති ඉඩම් බැහැර කිරීමට කටයුතු කරමින් පවතින අතර, අනාගතයේදී එවැනි කටයුතු සඳහා පවරා දීමට විශේෂයෙන් හඳුනාගත් ඉඩම් නොමැත.

(vi) මෙම ප්‍රදේශයේ ඌන උපයෝජිත ඉඩම් බහුතරයක් වගුරුබිම් හා දෙනිපත් ලෙස ස්වාභාවිකව සැකසී ඇති බැවින් ඒවා ප්‍රයෝජනයට ගත නොහැක.

(vii) අදාළ නොවේ.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2017-02-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks