පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා,— නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) දිවුලපිටිය ආසනයේ පානීය නල ජලය ලබාදිය යුතු පවුල් සංඛ්‍යාව පිළිබඳව සමීක්ෂණයක් කර තිබේද;
(ii) ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ජල ව්‍යාපෘතිවලින් නල ජලය සපයනු ලබන පවුල් සංඛ්‍යාව කොපමණද;
(iii) එය මුළු අවශ්‍යතාවයේ ප්‍රතිශතයක් ලෙස කොපමණද;
(iv) නව ජල සම්බන්ධතා සඳහා ඉල්ලුම් කළ පාරිභෝගිකයින් සංඛ්‍යාව කොපමණද;
(v) පවතින ජල ව්‍යාපෘතියෙන් ජලය ලබාදිය හැක්කේ එම සංඛ්‍යාවෙන් කොපමණ ප්‍රමාණයකටද;
(vi) පවතින ව්‍යාපෘතියේ ධාරිතාවය නව සම්බන්ධතා ලබාදීමට ප්‍රමාණවත්ද;
(vii) නොඑසේ නම්, ධාරිතාවය වැඩිදියුණු කිරීමට වැඩපිළිවෙළක් තිබේද;
(viii) එසේ නම්, එය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ආසනයේ ක්‍රියාත්මක ප්‍රජා ජල ව්‍යාපෘති සංඛ්‍යාව කොපමණද;
(ii) එමඟින් පානීය ජලය සපයනු ලබන පවුල් සංඛ්‍යාව කොපමණද;
(iii) ප්‍රජා ජල ව්‍යාපෘති වැඩිදියුණු කිරීමට වැඩපිළිවෙළක් තිබේද;
(iv) එසේ නම්, එය කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) දිවුලපිටිය ජල ව්‍යාපෘතියේ වත්මන් ප්‍රගතිය කවරේද;
(ii) ව්‍යාපෘතියට වැය වන මුදල කොපමණද;
(iii) ඊට කැබිනට් අනුමැතිය ලැබී තිබේද;
(iv) ජලය ලබාදීමට සැලසුම් කර ඇති පවුල් සංඛ්‍යාව කොපමණද;
(v) ව්‍යාපෘතිය ආරම්භ කරන දිනය කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-11-25
අසන ලද්දේ
ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා, පා.ම.
අමාත්‍යාංශය
නගර සැලසුම් හා ජල සම්පාදන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks