පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) ගම්පහ දිස්ත්‍රික්කය තුළ සිටින පූර්ණ වශයෙන් කෘෂිකර්මය ජීවනෝපාය කරගත් පවුල් සංඛ්‍යාව කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ගම්පහ දිස්ත්‍රික්කය තුළ වී වගා කරන කුඹුරු ඉඩම් ප්‍රමාණය කොපමණද;
(ii) ඒ අතරින් මෙම වර්ෂයේ වගා කර නොමැති ඉඩම් ප්‍රමාණය කොපමණද;
(iii) වී වගාකර නොමැති කුඹුරු ඉඩම් වගා නොකිරීමට හේතු කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) ගම්පහ දිස්ත්‍රික්කය තුළ වී නොවන වෙනත් භෝග වගා කර ඇති ඉඩම් ප්‍රමාණය කොපමණද;
(ii) එලෙස වගා කර ඇති භෝග කවරේද;
යන්න එතුමා තවදුරටත් මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) (i) ගම්පහ දිස්ත්‍රික්කය තුළ කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් භාවිතා කරන අමුණු සංඛ්‍යාව කොපමණද;
(ii) මේ වනවිට ඉහත (i) හි සඳහන් අමුණුවලින් අක්‍රියව පවතින අමුණු සංඛ්‍යාව කොපමණද;
(iii) දිස්ත්‍රික්කය තුළ ඇති ඇල මාර්ග ප්‍රමාණය කොපමණද;
(iv) ඒ අතරින් මෙම වර්ෂය තුළ පිළිසකර කර ඇති ප්‍රමාණය කොපමණද;
(v) දිස්ත්‍රික්කයේ අමුණු හා ඇල මාර්ග ශුද්ධ පවිත්‍ර කිරීම සඳහා 2016 වර්ෂය වෙනුවෙන් වෙන් කර ඇති මුදල කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඉ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-11-24
අසන ලද්දේ
ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks