පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා,— නිවාස හා ඉදිකිරීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (3)
(අ) (i) දේශපාලන පළිගැනීම්වලට ලක්වූ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සේවකයන්ට සහන සැලසීම සඳහා නව රජය යටතේ කමිටුවක් පත්කර හෝ වැඩපිළිවෙළක් සකස් කර තිබේද;
(ii) එසේ නම්, එම කමිටුව පත්කර හෝ වැඩපිළිවෙළ සකස් කර ඇත්තේ කැබිනට් අනුමතියක් යටතේද; එසේ නම්, එම අනුමතිය ලද දිනය කවරේද;
(iii) දේශපාලන පළිගැනීම් සඳහා සහන ලබාදීමට සළකා බලන කාලසීමාව කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) පළිගැනීමට ලක්වූවන්ට සහන ලබාදීම සඳහා ක්‍රියාත්මක කරන ලද වැඩපිළිවෙළ කවරේද;
(ii) එසේ පළිගැනීමට ලක්වී, සහන ලබා උසස්වීම් ලද පුද්ගලයන්ගේ නම්, පළිගැනීමට ලක්වූ හේතුව සහ ඔවුන්ට ලබා දුන් සහනය වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) ඔවුන්ට උසස්වීම් සමඟ හිඟ වැටුප් ලබා දෙන්නේද;
(iv) එසේ නම්, ඒ කවර දිනයක සිටද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-01-25
අසන ලද්දේ
ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා, පා.ම.
අමාත්‍යාංශය
නිවාස හා ඉදිකිරීම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්. අමාත්‍යාංශ මට්ටමින් කමිටුවක් පත් කර ඇත.
එම කමිටුව ජාතික නිවාස සංවර්ධන අධිකාරියට විශේෂිත වූ කමිටුවක් නොවන අතර, මෙම අමාත්‍යාංශය යටතේ පවතින සියලු ආයතනවල දේශපාලන පළිගැනීම්වලට ලක්වූ සේවකයන්ට සහන සැලසීමට පත් කරන ලද කමිටුවකි.
(ii) නැත.
රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රීය පාලනය පිළිබඳ අමාත්‍යාංශ ලේකම්ගේ අංක ADS/PA/152 හා 2015.06.11 දිනැති ලිපිය මඟින් මෙම කමිටුව පත් කිරීම සඳහා එකඟතාව ලැබී ඇති අතර, එම කමිටුව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගත යුතු බවට උපදෙස් ලැබී නොමැත. කෙසේ වුවද, මෙම කමිටුව විසින් ලබාදී ඇති නිර්දේශ සඳහා 2016.03.02 දිනැති අමප අංක 16/1129/734/002 I දරන අමාත්‍ය මණ්ඩල තීරණය මඟින් අනුමැතිය ලබාදී ඇත.
(iii) 1994 වර්ෂයේ සිට 2014 වර්ෂය දක්වා.
(ආ) (i) අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද නිර්දේශ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සෘජුවම ක්‍රියාත්මක කිරීමට හැකියාව පවතින නිර්දේශ ක්‍රියාත්මක කෙරේ.
එමෙන්ම අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී, ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට අපහසු නිර්දේශ සම්බන්ධයෙන් තවදුරටත් උපදෙස් ලබාගැනීම සඳහා රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයේ මේ සම්බන්ධයෙන් පිහිටුවා ඇති විමර්ශන කමිටුව වෙත අදාළ නිර්දේශ යොමු කර ඇත.
(ii) නිර්දේශ අතුරින් ක්‍රියාත්මක කළ හැකි නිර්දේශ 71ක් හඳුනාගෙන ඇති අතර, ඊට අදාළ තොරතුරු ඇමුණුම මඟින් දක්වා ඇත.
(iii) ඔව්.
හිඟ වැටුප් ලබාදෙන ලෙසට කර ඇති නිර්දේශ සඳහා පමණක් මහා භාණ්ඩාගාරයෙන් මූල්‍ය ප්‍රතිපාදන ලබාගැනීමෙන් අනතුරුව හිඟ වැටුප් ලබාදීමට කටයුතු කෙරේ.
(iv) අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති නිර්දේශයන්හි උසස්වීම්/හිඟ වැටුප් ලබාදිය යුතු කාල සීමාව ඇමුණුමෙහි දක්වා ඇත. ඒ අනුව අදාළ උසස්වීම් හා හිඟ වැටුප් ලබාදීමට කටයුතු කෙරේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2017-05-25
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ඉන්දික බණ්ඩාරනායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks