02

E   |     |  

 දිනය: 2017-04-07   පිළිතුර ලබා දී ඇත 

0893/2017: පානම ගම්මානයේ ජීවත්වන ජනතාව: මූලික අවශ්‍යතා

893/’16

ගරු බුද්ධික පතිරණ මහතා,— ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      නැගෙනහිර පළාතේ, පානම ගම්මානයේ, ජීවත්වන සිංහල හා දෙමළ ජනතාව ඉතා සහජීවනයෙන් ජීවත් වන බවත්;

            (ii)      එම ජනතාවට තම මූලික අවශ්‍යතා ඉටු කර ගැනීමේදී ගැටලු රාශියකට මුහුණ දීමට සිදුවී ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) පානම ප‍්‍රදේශයේ ජනතාවගේ ජලය හා ඉඩම් ආශ‍්‍රිතව පවතින ගැටලු විසඳීමට පියවර ගෙන තිබේද;

(ii) එසේ නම්, එම පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) උක්ත ජනතාවගේ සංස්කෘතික අනන්‍යතාවය හා පාරම්පරික උරුමයන් රැකගෙන ජීවත්වීම සඳහා රජය අනුග‍්‍රහ ලබාදී තිබේද;

(ii) එසේ නම්, ඒ කෙසේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-04-07

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ස්වදේශ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)     ඔව්.

              (ii)     ඔව්.

(ආ)       (i)      ඔව්.

               (ii)       ජල ගැටලුව - පානම කුරුලන්පොකුණ හා මංගලපුර රණවිරු ගම්මානයට සැලකිය යුතු මට්ටමක ජල හිඟයක් පවතින අතර, එහි ජීවත් වන ජනතාවට ජලය ලබා ගැනීම දුෂ්කර වන කාලවකවානුවලදී බවුසර් මඟින් ජලය සැපයීමට ලාහුගල ප්‍රාදේශීය ලේකම්වරයා විසින් කටයුතු කරනු ලබයි. පානම ගම්මානයේ අනෙකුත් ස්ථානවල ජීවත් වන ජනතාව ළිං ජලය මගින් ජලය ලබා ගනී. ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් ඝන මීටර 1,000ක ධාරිතාවකින් යුතු ජල ටැංකියක් ඉදිකර ඇති අතර, එමඟින් නිවාස 1,000කට ජලය සැපයීම සඳහා ජල නල පද්ධතියක් සකස් කර ජලය සැපයීමට නුදුරු කාලයේදී අපේක්ෂා කෙරේ.

ඉඩම් ගැටලුව  -  සමස්ත පානම ජනතාව සඳහා ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ මෙතෙක් නිකුත් කර ඇති බලපත්‍ර සංඛ්‍යාව 2,892ක් වන අතර, ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ 2008/04 චක්‍රලේඛය අනුව ඉඩම් ගැටලුවලට විසඳුම් ලබාදීමට පියවර ගෙන ඇත. වැඩිදුර විස්තර ඇතුළත් පසුබිම් වාර්තාව මම සභාගත* කරනවා.

 

(ඇ)      (i)    ඔව්.

           (ii)    පොදුවේ මෙම ජනතාවට ද අනෙකුත් ජනතාවට මෙන් සියලු රජයේ ආධාර හා අනුග්‍රහයන් ලබාදී තිබේ.

(ඈ)   අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2017-09-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු වජිර අබේවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks