01

E   |     |  

 දිනය: 2016-10-06   පිළිතුර ලබා දී ඇත 

0876/2016: Closing the Road to Arunagama Village, Horana due BOI project

ගරු විදුර වික්‍රමනායක මහතා,— සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ, හොරණ සැකසුම් කලාපය පිහිටි ප්‍රදේශයේ, අරුණගම ගම්මානයට යාමට බ්‍රිතාන්‍ය පාලන සමයේ සිට පැවති මාර්ගයේ, ගේට්ටු ඉදිකර ඉබි යතුරු දමා ආරක්ෂක නිලධාරින් රඳවා ඇති බවත්;

(ii) එම ප්‍රදේශයට අදාළව පෙර සැලැස්මේ අදාළ මාර්ගය සටහන් වී ඇතත්, ආයෝජන මණ්ඩලය විසින් අලුතින් සකස් කළ සැලැස්මේ මාර්ගය සටහන් කර නොමැති බවත්;

(iii) එම ප්‍රදේශයේ ගොල්ෆ් ක්‍රීඩාංගනයක් ඉදිකිරීම සඳහා මාර්ගය අයත් කොටසද රජය විසින් විකුණා ඇති බවත්;

(iv) කර්මාන්ත සඳහා වෙන්කළ ප්‍රදේශයක ගොල්ෆ් ක්‍රීඩාංගනයක් ඉදිකිරීමෙන් ප්‍රදේශයේ තරුණ තරුණියන්ට රැකියා අහිමි වී ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) මාර්ගයක් වැටී ඇති ඉඩමක් විකිණීමේ හැකියාවක් තිබේද;

(ii) එම මාර්ගය වසාදැමීමෙන්, ජනතාවට පහසුවෙන් ප්‍රධාන මාර්ගයට ලඟාවිය හැකි මාර්ගයක් අහිමි කිරීම සුදුසුද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, එ මන්ද?

 

අසන ලද දිනය

2016-10-06

අසන ලද්දේ

ගරු විදුර වික්‍රමනායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks