02

E   |     |  

 දිනය: 2016-10-26   පිළිතුර ලබා දී ඇත 

0873/2016: පාසල් බෑග් ලබා දීමේ වැඩසටහන: ඌව පළාත් සභාව

ගරු චමින්ද වි‍ජේසිරි මහතා,— පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      ඌව පළාත් වත්මන් ප්‍රධාන අමාත්‍යවරයා විසින් ඌව පළාතේ පාසල් ශිෂ්‍යයන්ට පාසල් බෑග් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බව දන්නේද;

            (ii)      එසේ නම්, බදුල්ල දිස්ත්‍රික්කයේ මේ දක්වා එම ප්‍රතිලාභ ලැබී ඇති ශිෂ්‍යයන් සංඛ්‍යාව කොපමණද;

(iii) ඒ සඳහා දැනට දරා ඇති මුළු වියදම ‍කවරේද;

(iv) එම මුදල් ලබාගත් මුලාශ්‍ර කවරේද;

(v) මෙහිදී යම් අක්‍රමිකතාවක් සිදු වී තිබේද;

(vi) එසේ නම්, ඒ සඳහා ගන්නා පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-10-26

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

පළාත්සභා, පළාත් පාලන සහ ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභ ලැබූ පාසල් ශිෂ්‍යයන් සංඛ්‍යාව - 1,023

                        (ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ අරමුදලින් ප්‍රතිලාභ ලැබී ඇත.)

             (iii)      ශිෂ්‍යයින්ට බෑග් ලබා දීම සඳහා දැනට දරා ඇති මුළු වියදම - රුපියල් 460,350.00(රුපියල් හාරලක්ෂ හැටදහස් තුන්සියපනහයි)

(iv) පළාත් සභා අධ්‍යාපන අමාත්‍යාංශ අරමුදලින්.

              (v)      නියමිත පරිදි ප්‍රසම්පාදන කටයුතු සිදු කර ඇති බව ප්‍රධාන ලේකම් වාර්තා කර ඇති අතර මුදල් කොමිෂන් සභාව විසින් මෙම වැඩසටහන අනුමත කර ඇත.

             (vi)      අදාළ නැත.

(ආ)     අදාළ නැත.

* සභාමේසය මත තබන ලද වගුව:

* சபாபீடத்தில் வைக்கப்பட்ட அட்டவணை:

* Table tabled:

 

බදුල්ල  දිස්ත්‍රික්කයේ පාසල් ශිෂ්‍යයින්ගේ පාසල් බෑග් සඳහා දරා ඇති වියදම

අනු අංකය

විස්තරය

ලබා දී ඇති පාසල් බෑග් ප්‍රමාණය

මුළු ගණන

බෑගයක මිල රු.

ගෙවූ මුදල රු.

පාසල් බෑග් සඳහා ගෙවූ මුළු මුදල රු.

01.

මහියංගනය කලාප අධ්‍යාපන කලාපය

237

 1023

450.00

106650.00

460350.00

02.

බණ්ඩාරවෙල කලාප අධ්‍යාපන කලාපය

257

 

450.00

115650.00

 

03.

වැලිමඩ කලාප අධ්‍යාපන කලාපය

259

 

450.00

116550.00

 

04.

බදුල්ල කලාප අධ්‍යාපන කලාපය

270

 

450.00

121500.00

 

 

මුළු එකතුව

 

 1023

 

 

460350.00

පිළිතුරු දුන් දිනය

2017-02-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks