01

E   |   த   |  

 දිනය: 2016-10-25   පිළිතුර ලබා දී ඇත 

0869/2016: Development of Rural Dispensaries Badulla District

ගරු චමින්ද වි‍ජේසිරි මහතා,— සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       ඌව පළාත් වත්මන් ප්‍රධාන අමාත්‍යවරයා එම ධූරයට පත්වීමෙන් අනතුරුව පළාත් සෞඛ්‍ය සේවාවේ දියුණුව යම් මන්දගාමී තත්ත්වයකට ලක්වී තිබෙන බව පිළිගන්නේද;

             (ii)       එසේ නම්, ඌව පළාතේ, විශේෂයෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ, ඌව පළාත යටතේ පාලනය වන ග්‍රාමීය බෙහෙත් ශාලා සහ රෝහල් සංවර්ධනය කිරීමට විධිමත් වැඩසටහනක් දියත් කිරීමට පියවර ගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-10-25

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks