01

E   |   த   |  

 දිනය: 2016-10-07   පිළිතුර ලබා දී ඇත 

0866/2016: Road Development by the current CM on Uva

ගරු චමින්ද වි‍ජේසිරි මහතා,— උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)      ඌව පළාත් වත්මන් ප්‍රධාන අමාත්‍යවරයා එම ධූරයට පත්වීමෙන් අනතුරුව;

             (i)       මේ දක්වා බදුල්ල දිස්ත්‍රික්කයේ පළාත් සභාවට අයත් මාර්ග සංවර්ධනය කර තිබේද;

             (ii)       එසේ නම්, එම මාර්ග කවරේද;

           (iii)       එක් එක් මාර්ගය සඳහා වෙන් කළ මුදල් ප්‍රමාණය කවරේද;

(iv) එම මාර්ග සංවර්ධනය කිරීමේ කොන්ත්‍රාත් ලබා දුන් සමාගම් වෙන් වෙන් වශයෙන් කවරේද;

 (v) එම මාර්ගවල ප්‍රමිතිය උසස් මට්ටමක පවතින බවට ඇති සාධක කවරේද;

(vi) එම මාර්ග සංවර්ධනය කිරීමේදී මෙන්ම තෝරා ගැනීමේදීද ඌව පළාත් ප්‍රධාන අමාත්‍යතුමා මැදිහත් වී ඇති බව පිළිගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-10-07

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහාමාර්ග හා මාර්ග සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks