01

E   |     |  

 දිනය: 2017-04-04   පිළිතුර ලබා දී ඇත 

0859/2017: මත් වතුර පානය අඩු කිරීම : රජයේ ක්‍රියා මාර්ග

ගරු බුද්ධික පතිරණ මහතා,— සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)         (i)       මත්වතුර පානය ඉහළ ගොස් ඇති බවත්;

             (ii)       මත්වතුර පානය කිරීම පුද්ගලයන්ගේ සෞඛ්‍ය පිරිහීමට ප්‍රධාන හේතුවක් බවත්;

එතුමා දන්නෙහිද?

(ආ)        (i)       මත්වතුර පානය අඩු කිරීමට රජය ක්‍රියාමාර්ග ගෙන තිබේද;

(ii) එසේ නම්, එම ක්‍රියාමාර්ග කවරේද;

(iii) මත්වතුර පානය කිරීම හේතුවෙන් වැළ‍ඳෙන රෝගාබාධයන්ට ප්‍රතිකාර කිරීමට රජය වසරකට වැය කරන මුදල දළ වශයෙන් කොපමණද;

(iv) මෙම මුදල, සෞඛ්‍ය සඳහා රජය වැය කරන මුදලින් කොපමණ ප්‍රතිශතයක්ද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-04-04

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      ඔව්.

(ආ)         (i)      ඔව්.

              (ii)     

  • මධ්‍යසාර පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අනෙකුත් අමාත්‍යාංශවල සහභාගිත්වයෙන් පිළියෙල කොට ඇත.
  • සුරාබදු දෙපාර්තමේන්තුව, අධ්‍යාපන දෙපාර්තමේන්තුව, සමාජ සේවා දෙපාර්තමේන්තුව, ක්‍රීඩා අමාත්‍යාංශය හා මේ සම්බන්ධයෙන් කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධානත්, බුද්ධිමතුන් හා ලෝක සෞඛ්‍ය සංවිධානය හා සෞඛ්‍ය අමාත්‍යාංශයත් එක්ව උපාය මාර්ග සැලැස්මක් පිළියෙල කිරීම මේ දිනවල සිදු කරමින් පවතී.
  • සෞඛ්‍ය අමාත්‍යාංශය හා මත්පැන් පානය අඩු කිරීම පිළිබඳ උනන්දුවක් දක්වන වෙනත් රාජ්‍ය ආයතන සමඟ මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කරනු ලබයි.

(iii) වසරකට මිලියන 142ක් පමණ.

(iv) සියයට 0.0006කි.

(ඇ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2017-06-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks