02

E   |     |  

 දිනය: 2010-08-18   පිළිතුර ලබා දී ඇත 

0342/2010: GST plus

0342/'10 2. ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා,— මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) ජී. එස්. පී. ප්ලස් සහනය යටතේ අප රටින් අපනයනය කරන නිෂ්පාදන වර්ගයන් කවරේද; (ii) එම නිෂ්පාදන අපනයනය කරන රටවල් කවරේද; (iii) නිෂ්පාදන යැවීමේදී ලබා දුන් බදු සහනය කොපමණද; (iv) මෙම සහනය ඉවත් කළහොත් අහිමි වන රැකියා සංඛ්‍යාව කොපමණද; (v) මෙම සහනය ඉවත් කිරීමෙන් බලපෑමක් ඇතිවන ව්‍යාපාර සංඛ්‍යාව කොපමණද; යන්න එතුමා සඳහන් කරන්නෙහිද? (ආ) (i) රජය විදේශ විනිමය උපයා ගැනීම සඳහා ගන්නා පියවර කවරේද; (ii) ජී. එස්. පී. ප්ලස් නොදුන් යුරෝපා රටවලට නිෂ්පාදන යැවීමේ දී සිදු වන පාඩුව කොපමණද; යන්න එතුමා මෙම සභාවට දන්‍වන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2010-08-18

අසන ලද්දේ

ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල් හා ක්‍රමසම්පාදන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks