02

E   |     |  

 දිනය: 2017-01-26   පිළිතුර ලබා දී ඇත 

0847/2017: පානම්පත්තුවේ ජීවත්වන වන්නි සිංහලයන්: විස්තර

ගරු බුද්ධික පතිරණ මහතා,— ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       අම්පාර දිස්ත‍්‍රික්කයේ, පානම්පත්තුව ප‍්‍රදේශයේ, වන්නි සිංහලයන් ජීවත් වන ග‍්‍රාම නිලධාරි වසම් කවරේද;

             (ii)       එම ප්‍රදේශයේ දැනට ජීවත්වන පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) එම ජනතාවට අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා සෞඛ්‍ය යන මූලික අවශ්‍යතා ඉටුකර ගැනීමේ අයිතිය රජය විසින්  තහවුරු කර තිබේද;

(ii) එසේ නම්, ඒ කෙසේද;

(iii) උක්ත ජනතාවගේ සංස්කෘතික අනන්‍යතාවයන් හා පාරම්පරික උරුමයන් රැකගෙන ජීවත්වීම සඳහා රජය අනුග‍්‍රහයන් ලබා දී තිබේද;

(iv) එසේ නම්, ඒවා කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-01-26

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ස්වදේශ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       නැත.

              (ii)       වන්නි සිංහලයන් නොමැති බැවින් අදාළ නොවේ.

(ආ)         (i)         අදාළ නොවේ.

              (ii)         අදාළ නොවේ.

             (iii)         අදාළ නොවේ.

             (iv)         අදාළ නොවේ.

(ඇ)      අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2017-01-26

විසින් පිළිතුරු දෙන ලදී

ගරු වජිර අබේවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks