04

E   |     |  

 දිනය: 2016-12-06   පිළිතුර ලබා දී ඇත 

0836/2016: නීති විරෝධී මත්පැන් සම්බන්ධයෙන් සිදු කර ඇති වැටලීම් : විස්තර

ගරු බුද්ධික පතිරණ මහතා,— නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      2014 හා 2015 යන වර්ෂයන්හි නීතිවිරෝධී මත්පැන් සම්බන්ධයෙන් සිදුකර ඇති වැටලීම් සංඛ්‍යාව කොපමණද;

             (ii)      එහිදී අත්අඩංගුවට ගත් මත්පැන් වර්ග ලීටර් ප‍්‍රමාණය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයන් නිදහස් වීමෙන් පසු නැවතත් මත්පැන් වෙළඳාමට යොමුවන බවත්;

(ii) එසේ වීමට, දඩුවම් ප‍්‍රමාණවත් නොවීම සහ එම පුද්ගලයන් වෙනත් ආර්ථික මාර්ග කරා යොමු කිරීමට ක‍්‍රමවේදයක් නොමැති වීම ඉහත (i)හි තත්ත්වය ඇති වීමට  ප‍්‍රධාන හේතූන් බවත්;

එතුමා පිළිගන්නෙහිද?

(ඇ) (i) නීතිවිරෝධී මත්පැන් වෙළඳාමේ යෙදෙන පුද්ගලයන් එම වෙළඳාමෙන් ඉවත්කර ගැනීමට ක‍්‍රියාමාර්ග සකස් කර තිබේද;

(ii) එසේ නම්, එම ක‍්‍රියාමාර්ග කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-12-06

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      2014 - 114,790 (එක්ලක්ෂ දහහතරදහස් හත්සිය අනූවයි)

                        2015 - 113,944 (එක්ලක්ෂ දහතුන්දහස් නවසිය හතලිස් හතරයි)

              (ii)     

 

මත්පැන් වර්ගය

වර්ෂය අනුව අත් අඩංගුවට ගත් ප්‍රමාණය

 

2014

2015

ගෝඩා ලීටර්

8,530,560 (අසූපන්ලක්ෂ තිස් දහස් පන්සිය හැටයි)

2,349,102 (විසිතුන් ලක්ෂ හතලිස් නවදහස් එකසිය දෙකයි)

නීති විරෝධී මත්පැන් ලීටර්

3,474,688 (තිස් හතර ලක්ෂ හැත්තෑ හතර දහස් හයසිය අසූඅටයි)

124,211,796 (දොළොස් කෝටි හතලිස් දෙලක්ෂ එකොළොස් දහස් හත්සිය අනූ හයයි)

රජයේ අරක්කු ලීටර්

1, 272,725 (දොලොස් ලක්ෂ හැත්තෑ දෙදහස් හත්සිය විසි පහයි)

75,505,523 (හත්කෝටි පනස් පන් ලක්ෂ පන්දහස් පන්සිය විසිතුනයි)

බියර් ලීටර්

166,974 (එක් ලක්ෂ හැට හයදහස් නවසිය හැත්තෑ හතරයි)

1,187,369 (එකළොස් ලක්ෂ අසූහත්දහස් තුන්සිය හැට නවයයි)

මහ රා ලීටර්

738,823 (හත් ලක්ෂ තිස් අටදහස් අටසිය විසි තුනයි)

 9,114,763 (අනූ එක් ලක්ෂ දහහතර දහස් හත්සිය හැට තුනයි)

නීති විරෝධී ස්ප්‍රීතු වර්ග ලීටර්

378,823 (තුන් ලක්ෂ හැත්තෑ අටදහස් අටසිය විසිතුනයි)

1,038,744 (දස ලක්ෂ තිස් අට දහස් හත්සිය හතලිස් හතරයි)

(iii) 2014 - 98,768 (අනූ අටදහස් හත්සිය හැට අටයි)

2015 - 99,977 (අනූ නවදහස් නවසිය හැත්තෑ හතයි)

(ආ) (i) ඔව්.

(ii) නීති විරෝධී මත්පැන් වෙළඳාමේ යෙදීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් පුද්ගලයන් නිදහස් වීමෙන් පසු නැවතත් මත්පැන් වෙළඳාමට යොමු වීමේ ප්‍රවණතාවක් පවතින බවට පොලිස්පති විසින් සහ අධ්‍යක්ෂ ජනරාල්, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් වාර්තා කර ඇත. එබැවින් අත් අඩංගුවට පත් වන පුද්ගලයන්හට වෙනත් ආර්ථික මාර්ගයන් කරා යොමුවීමේ හැකියාව ඇතත්, නීති විරෝධී මත්පැන් වෙළඳාම මඟින් ලබන අධික ලාභය හේතුවෙන් ඔවුන් එසේ වෙනත් ආර්ථික මාර්ගයන් කරා යොමු නොවන බව ද, එම පුද්ගලයන් නිදහස්වීමෙන් පසු නැවතත් මත්පැන් වෙළඳාමට යොමුවීම අධෛර්යමත් කිරීමට තරම් මේ සම්බන්ධයෙන් 1990 අංක 37 දරන සුරාබදු (සංශෝධන) පනතට අනුව පැනවිය හැකි උපරිම දඬුවම වන එක් අවුරුද්දක් නොඉක්මවා දෙයාකාරයකින් එක් ආකාරයකට බන්ධනාගාර ගත කිරීමක් හෝ උපරිමය රුපියල් 100,000ට නොවැඩි දඩයක් හෝ එම දඬුවම් දෙකම යන දඬුවම ප්‍රමාණවත් නොවන බව ද නිරීක්ෂණය කරමි.

‍(ඇ)         (i)       ඔව්. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් ක්‍රියාමාර්ග සකසා ක්‍රියාවට නංවා ඇත.

              (ii)       අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් ග්‍රාම නිලධාරි වසම් වශයෙන් තෝරාගෙන නිවාරණ හා උපදේශණ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පසු විපරම් කිරීම් සිදු කරන අතර, එහිදී ඇතැම් ගම්මාන මත්පැන්වලින් නිදහස් බවට තොරතුරු වාර්තා වී ඇත. එසේම, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ බාහිර සේවා වැඩසටහන් මඟින්ද ප්‍රජාව දැනුවත් කිරීම් දීප ව්‍යාප්තව සිදු කරමින් මෙම තත්ත්වය පාලනය කිරීමට අඛණ්ඩව ප්‍රයත්න දරයි.

මීට අමතරව ප්‍රජා පොලිස් ඒකක හරහාත් අපි මේ පිළිබඳව කටයුතු කර ගෙන යනවා.

(ඈ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2016-12-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සාගල රත්නායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks