04

E   |     |  

 දිනය: 2016-09-20   පිළිතුර ලබා දී ඇත 

0803/2016: Special Entrance facilities for differently able persons

ගරු ශාන්ති ශ්‍රීස්කන්දරාසා මහත්මිය,— සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන   අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       1996 අංක 28 දරන ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත ප්‍රකාරව, ආබාධිත පුද්ගලයන්ට ප්‍රවේශ වී සේවාවන් ලබාගත හැකි පරිදි සේවා සැපයී‍ම් කරනු ලබන සියලු රාජ්‍ය හා පෞද්ගලික ආයතනයන්ට අයත් ‍ගොඩනැගිලිවල ආබාධිත පුද්ගලයන් සඳහා විශේෂ ප්‍රවේශ පහසුකම් ඇතිකළ යුතු බවත්; 

(ii) උක්ත පනත සම්මත කර වසර අටක කාලසීමාවක් ඇතුළත, රාජ්‍ය හා  පෞද්ගලික සේවා සැපයීම් සිදුකරනු ලබන ගොඩනැගිලි සියල්ලෙහිම ආබාධිත පුද්ගලයන්ට ප්‍ර‍වේශ වී සේවාවන් ලබාගත හැකි පරිදි එම පහසුකම් සලසා තිබිය යුතු බවත්;

(iii) රාජ්‍ය හා පෞද්ගලික සේවා සැපයීමේ ආයතනයන්හි මේ වනවිටද ඉහත සඳහන් පහසුකම් සලසා නොමැති තත්ත්වයක් දක්නට ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) ආබාධිත පුද්ගලයන්ට පහසුවෙන් ප්‍රවේශ වී සිය අවශ්‍යතාවයන් සපුරාගැනීම සඳහා උක්ත පහසුකම් ඇති‍කිරීමට පියවර ගන්නේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-09-20

අසන ලද්දේ

ගරු ශාන්ති ශ්‍රීස්කන්දරාසා මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks