පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු ශාන්ති ශ්‍රීස්කන්දරාසා මහත්මිය,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) “ළඟම පාසල හොඳම පාසල” වැඩසටහනට ඇතුළත් මුලතිව් අධ්‍යාපන කලාපයට අයත් පාසල් සංඛ්‍යාව කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) මුලතිව් අධ්‍යාපන කලාපය තුළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකක් ඇති නමුත්, එම කොට්ඨාසවල පිහිටි බොහෝ පාසල් “ළඟම පාසල හොඳම පාසල” වැඩසටහනට ඇතුළත්කර නොගෙන නොසලකා හැර ඇති බව එතුමා දන්නෙහිද?
(ඇ) (i) (ආ) හි සඳහන් කර ඇති පරිදි පාසල් නොසලකා හැරීමට හේතුව කවරේද;
(ii) මුලතිව් අධ්‍යාපන කලාපයේ නොසලකා හැර ඇති පාසල්, “ළඟම පාසල හොඳම පාසල” වැඩසටහනෙහි නිර්ණායකයන්ට අනුව ඇතුළත්කර ගැනීමට පියවර ගන්නේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-09-08
අසන ලද්දේ
ගරු ශාන්ති ශ්‍රීස්කන්දරාසා මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks