පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු විදුර වික්‍රමනායක මහතා,— සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) රාජගිරියේ පිහිටි, වික්ටෝරියා නිවාසය වාට්ටු 14කින් සමන්විත වන අතර සුවකළ නොහැකි ආබාධිතයන් 153දෙනෙකු නේවාසිකව සිටින බවත්;
(ii) මෙම නිවාසයේ නේවාසිකයන්ගේ සියලු කටයුතුවලට මෙන්ම ජල, විදුලි, සේවක වැටුප් ඇතුළු පරිපාලන වියදම් සඳහා රජය මඟින් වාර්ෂිකව රුපියල් මිලියන 08ක පමණ මුදලක් ලබාදෙන බවත්;
(iii) එම මුදල එම කටයුතු සඳහා ප්‍රමාණවත් නොවන බවත්;
(iv) සේවකයන්හට ගෙවනු ලබන වැටුප් ප්‍රමාණවත් නොවීම නිසා අලුතින් සේවකයන් බඳවා ගැනීමට හැකියාවක් නොමැතිවීමෙන් සේවක මණ්ඩලයද ප්‍රමාණවත් නොවන බවත්;
(v) සේවක මණ්ඩලය සඳහා ප්‍රමාණවත් නිල නිවාස පහසුකම් නොමැති වීම සහ ප්‍රමාණවත් වැටුපක් නොලැබීම හේතුවෙන් මානසිකව පීඩාවට පත් වී සිටින සේවකයන්ගෙන්, ප්‍රශස්ත මට්ටමේ සේවයක් ලබා ගැනීම ගැටලුවක්ව පවතින බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) වත්මන් සේවකයන්ගෙන් උපරිම සේවයක් ලබා ගැනීම සඳහා ඔවුන්ගේ වැටුප් වැඩි කිරීම සහ පහසුකම් ලබාදීමට පියවර ගන්නේද;
(ii) අලුතින් සේවකයන් බඳවා ගැනීම සඳහා පියවර ගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-09-06
අසන ලද්දේ
ගරු විදුර වික්‍රමනායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks