04

E   |     |  

 දිනය: 2016-09-20   පිළිතුර ලබා දී ඇත 

0787/2016: Paddy storage facility in Marandagamula

ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා,— ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)      පසුගිය රජයේ දිවිනැගුම ව්‍යාපෘතිය මඟින් රුපියල් මිලියන 100ක වියදමින් මරදගහමුල අක්කර 5ක භූමියක රුපියල් කෝටි 100ක පමණ වටිනා වී තොග ගබඩා කළ හැකි සහල් ගබඩා සංකීර්ණයක් ඉදිකළ බව එතුමා දන්නෙහිද?

(ආ)         (i)       මේ වනවිට එහි ගබඩා කර ඇති වී තොග ප්‍රමාණය කොපමණද;

(ii) මෙම ගබඩාවට සම්බන්ධවී කටයුතු කරන ව්‍යාපාරිකයන් සංඛ්‍යාව කොපමණද;

(iii) ගබඩාවේ සහල් අලෙවි කිරීමේ කටයුතු පිළිබඳව වෙළඳ සංගමය සමඟ සාකච්ඡා කර තිබේද;

(iv) මෙහි අවසන් වරට ගබඩා කර තිබූ වී තොග ප්‍රමාණය කොපමණද;

(v) එම වී තොග අලෙවි කරන ලද්දේ කවුරුන් හට කුමන වකවානුවේද;

(vi) මෙම ගබඩාවෙන් පූර්ණ උපයෝජනයක් ලබා ගැනීම සඳහා වැඩපිළිවෙළක් තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-09-20

අසන ලද්දේ

ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks