පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා,— කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) පාරම්පරික දේශීය අත්පෙහෙකම් කර්මාන්තය වර්තමානයේදී විශාල අර්බුදයකට ලක්වී ඇති බවත්;
(ii) මෙම නිෂ්පාදන සඳහා ඉල්ලුම වැඩි වී ඇති අතර ගුණාත්මක නිෂ්පාදන සඳහා ඉහළ මිලක් ලබාගත හැකි බවත්;
(iii) ගම්පහ දිස්ත්‍රික්කයේ විශාල වශයෙන් ව්‍යාප්ත වී ඇති මෙම කර්මාන්තය සඳහා පසුගිය රජය දිවුලපිටිය, මඩම්පැල්ල ප්‍රදේශයේ පාරම්පරික කර්මාන්තකරුවන් 300කට පමණ යන්ත්‍රෝපකරණ හා දැනුම ලබාදුන් බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) ගම්පහ දිස්ත්‍රික්කය තුළ,
(i) ගෘහ කර්මාන්තයක් වශයෙන් මෙම කර්මාන්තයේ නියැලෙන පවුල්;
(ii) පේෂකර්ම මධ්‍යස්ථාන;
(iii) පහසුකම් සැපයීමට සිටින නිලධාරින්;
සංඛ්‍යාව කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) ඉහත අ (iii) හි සඳහන් පුද්ගලයන්ගේ තත්ත්වය පිළිබඳව සොයා බලා තිබේද;
(ii) කර්මාන්තයේ දැනට නියුක්ත පිරිස කොපමණද;
(iii) ඔවුන්ගේ මාසික නිමවුම කොපමණද;
(iv) ඒවා අලෙවි කරන්නේ කා හටද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) (i) හිඟව පවතින අමුද්‍රව්‍ය සැපයීමට වැඩපිළිවෙළක් තිබේද;
(ii) නිෂ්පාදන මිලදී ගැනීමට හෝ ගැනුම්කරුවන් සම්බන්ධ කිරීමේ වැඩපිළිවෙළක් තිබේද;
(iii) පුහුණු වැඩමුළු හා අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් පවත්වන්නේද;
(iv) එසේ නම්, අවසන් වරට එවැන්නක් පැවැත්වූ දිනය කවරේද;
(v) කර්මාන්තය දියුණු කිරීමේ වැඩපිළිවෙළ කවරේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඉ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-09-09
අසන ලද්දේ
ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා, පා.ම.
අමාත්‍යාංශය
කර්මාන්ත හා වාණිජ කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks