04

E   |     |  

 දිනය: 2016-09-06   පිළිතුර ලබා දී ඇත 

0784/2016: Domestic Floral Industry - Gampaha District

ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා,— තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)      ගම්පහ දිස්ත්‍රික්කයේ, මල් හා විසිතුරු පත්‍ර ආශ්‍රිත කර්මාන්තයේ නියැලෙන්නන් 5000ක් පමණ සිටින බවත්, සමිති 28ක් මඟින් ක්‍රියාත්මක මෙම කර්මාන්තයට පසුගිය රජය දිරිගැන්වීම් ලබා දුන් බවත් එතුමා දන්නෙහිද?

(ආ)         (i)     මෙම කර්මාන්තයේ නියැලෙන්නන් පිළිබඳව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින්  සංගණනයක් සිදු කර තිබේද;

(ii) එසේ නම්, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව, ඕකිඩ්, ඇන්තූරියම් සහ විසිතුරු පත්‍ර වගාකරුවන්, අලෙවිකරුවන්, සුළු, මධ්‍යම සහ මහා පරිමාණ වගාකරුවන් සහ මල් අපනයනකරුවන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) වර්ෂ 2015 දී හා 2016 මුල් කාර්තුවේදී (අ) හි සඳහන් පුද්ගලයන් දිරිගැන්වීමටත්, ව්‍යාපාරයේ රඳවා ගැනීමටත්, නවකයන් ව්‍යාපාරයට බඳවා ගැනීමටත් ගත් ක්‍රියා මාර්ග, ලබා දුන් සහන, ඊට වෙන් කළ මුදල සහ ප්‍රතිලාභ හිමිවූවන් සංඛ්‍යාව කොපමණද?

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) පසුගිය රජය විසින් කැළණිය විශ්වවිද්‍යාලය හරහා ගම්පහ උද්භිද උද්‍යානයේ  රුපියල් මිලියන 22ක වියදමින් ඉදිකළ පටක රෝපණ මධ්‍යස්ථානයේ සිදුකළ පර්යේෂණ,  ජනනය කර ඇති මල් ප්‍රභේද සහ පැල ලබා දුන් මල් ව්‍යාපාරිකයින් සංඛ්‍යාව කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-09-06

අසන ලද්දේ

ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

තිරසර සංවර්ධන හා වනජීවි

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks